Saturday, April 27, 2024

කරු ට ඉහළම සම්මානය පුදයි!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.

‘ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය’ මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ.

කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles