Thursday, May 2, 2024

කලුතරට, රත්නපුරට නැවතත් 100MM වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල අද (16දා) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

                                                               මහජනයා සඳහා කාලගුණ අනාවැකිය (හෙට දිනය සඳහා)

                                                        2017 ජූනි මස 16 වන දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. (විශේෂයෙන් උදෑසන  සහ රාත්‍රි කාලයේ)

සමහර ස්ථාන වල(විශේෂයෙන් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල)  මි.මි. 100 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්  තැනින් තැන සවස 02.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                                         ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

                                                        2017 ජූනි මස 16 වන දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්  වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

සුළං නිරිතදෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles