Sunday, May 19, 2024

කළු එතනෝල් සුදු කරන ජාවාරමක්!

මත්පැන් මිල ගණන් ඉහල යාමෙන් පසුව නීතිවිරෝධී එතනෝල් නීතිගත කරන ජාවාරමක තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන්ම පසුගිය රජය සමයේ එතනෝල් ජාවාරම් ඉතා ඉහල මට්ටමින් පැවතුනත් යහපාලන රජයක් යටතේ එම තත්ත්වය සමනයවීමක් අපේක්ෂා කලත් එවන් ජාවාරමක ලක්ෂණ නැවත මතුවෙමින් පවතින සිදුවීම් පෙලක් දැනගන්නට ලැබී ඇත.

පසුගිය දිනවල මත්පැන්වලට අදාල බදු ප්‍රතිශතය ඉහල නැංවීමත් සමගම බොහොමයක් මත්පැන් නිෂ්පාදනය කරන සහ ආනයනය කරන සමාගම මත්පැන් මිල ඉහල දැමුවත් මෙන්ඩිස් සමාගම තමන්ගේ මත්පැන් නිෂ්පාදන තොග වශයෙන් සුරාසැල් හිමියන්ට ලබාදෙන්නේ පැරණි මිලටමය.

ඒ අනුව සුරාසැල්  හිමියන් පැරණි මිලට මත්පැන් තොග වශයෙන් මිලට ගෙන වැඩි ලාභයක් තබාගෙන නව මිලට විකිණීම සිදුකරමින් පවතින බව සුරාබදු අංශ විසින් දැනුවත් කර ඇත. මේ හේතුවෙන් මෙන්ඩිස් සමාගමේ මත්පැන් වැඩි වශයෙන් මිලට ගැනීමට සුරාසැල් හිමියන් පෙළඹී අත. එසේම මේ හරහා කළු එතනෝල් සුදු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මකවේයැයි සැකයක්ද පවතින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග කියා සිටියි.

මෙන්ඩිස් සමාගම මෙලෙස හිතුමතේ කටයුතු කරන්නේ එම සමාගමේ හිමිකරු සහ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු අතර ඇති ඉතා සමීප මිත්‍රත්වය නිසා බව දැනගන්නට ලැබේ.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles