Sunday, May 19, 2024

ලංගම ගිල්ල වෙල්ගම..??

රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ආනයනය කිරීමේදී රුපියල් කෝටි 286ක් වංචා කර ඇති බවට චෝදනා කරමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඊයේ (01) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2012,2013, 2014 යන වසරවලදී ශ්‍රීලංගමයට බස්රථ ගෙන්වීමේදී මෙම වංචාව සිදු කර තිබෙන බවත් බස් රථ 1,500ක් ගෙන්වීමට කැබිනට් අවසර ලබාගෙන බස් රථ 2,200ක් ගෙන්වා එක් බස් රථයකින් ඩොලර් දස දහසක පමණ මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ල ඉදිරිපත් කරමින් නියෝජ්‍ය ඇමතිවරු ප්‍රකාශ කර තිබේ.

එසේම ඉන්දියාවෙන් මෙම බස් රථ ගෙන්වීමේදී මිලදී ගනු ලබන සෑම බස් රථ දහයක් සඳහාම එක් බස් රථයක් නොමිලේ ලැබෙන අතර එසේ ලැබුණු බස් රථද මිලදී ගත් බව හඟවමින් මෙම බස් රථ 2,200ට ඇතුළත් කර මුදල් ලබා ගෙන ඇති බවය. මෙලෙස ආනයනය කරනු ලැබූ බස් රථයක් වරායෙන් ගොඩබාන විට එහි වටිනාකම ඩොලර් 30,000ක් පමණ වන අතර එයට බදු සහ වරාය ගාස්තු එක් කිරීමේදී බස් රථයක වටිනාකම ඩොලර් 40,000ක් පමණ වන බව පැවසේ. එහෙත් මෙම  අනායනය කරනු ලැබූ බස් රථයක වටිනාකම ඩොලර් 50,000ක් බව ලෙසද දක්වා මුදල් වංචා කර ඇති බවට නියෝජ්‍ය ඇමතිවරු පවසති.

මූලාශ්‍රය – Lanka Truth

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles