Monday, May 20, 2024

විජයදාස රාජපක්ෂට පැය 48 ක් !

ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග කුමන හෝ ආකාරයක සම්බන්ධයක් නොමැතිබව රටටම ප්‍රකාශකරන ලෙස අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතාට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියෝග කර සිටියි.

ඒ සඳහා පැය 48ක කාලයක් පමණක් ලබාදෙන බවත් ඔහු කියා සිටියි. අද (02) පැලවත්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අභියෝගය කර ඇත.

ටෙන්ඩර් පටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් අවිආයුද තබාගැනීම සහ සමුද්‍ර ආරක්ෂාව සඳහා පුද්ගලික සමාගමකට පැවරීම පසුගිය රජය විසින් සිදුකලේ කෙසේද යන්න ප්‍රශ්න කලහ. එයට සෘජුවම වගකිවයුතු ආරක්ෂක ලේකම්වරයා සහ තවත් හතර දෙනෙක් අත්අඩංගුවට ගන්න ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කරුණු ගොනුකර ඇත.

එවැනි තතත්වයක් යටතේ විජයදාස රාජපක්ෂ මහතා ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සාධාරණීකරණය කරන්නේ කුමන හිතවත්කමක් මතද යන්න ප්‍රශ්නකර සිටියි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles