Wednesday, May 8, 2024

අපරාධ පරීක්ෂණ 30ක් නීතිපති ලඟ හිරවේ..!

පසුගිය රජය සමයේ සිදුකල මූල්‍ය අපරාධ සහ සාපරාධී මනුෂ්‍ය ඝාතනය 30කට අදාල පරීක්ෂණවල ඉදිරිගමන මේ වනවිට නීතිපතිවරයා අසලින් සිරවී ගමන් ඇණහිට ඇතිබව වාර්තාවේ.

විශේෂයෙන්ම මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන පාර්ශව දෙකම මේ වනවිට අදාල පරීක්ෂණ කටයුත= නිමාකර එම සවිස්තර වාර්තාවන් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. එසේ යොමුකර ඇත්තේ ඉන් අනතරුව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමටයි. නමුත් මෙසේ ඉතා වැදගත් පරීක්ෂණ ගණනාවකට අදාල උපදෙස් ලබානොදීමට මේ වනතෙක් නීතිපතිවරයා කටයුතු නොකිරීම නිසා අදාල ආයතන දෙකම දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් දැනගන්නට ලැබී ඇත.

පසුගිය රාජපක්ෂ රජය සමයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන සහ පැහැරගැනීම් වලට අදාලව ලසන්ත වික්‍රමතුංග,ප්‍රගීත් එක්නැලිගොඩ, නඩරාජ් රවිරාජ් ඝාතන වැනි සිදුවීම් වලට අදාල පරීක්ෂණ මෙන්ම මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාල පරීක්ෂණ ගණනාවක්ද මේ අතර ඇතැයි වාර්තාවේ. එවැනි පරීක්ෂණ යටගසනවායි ආණ්ඩුවට චෝදනා එල්ලවෙමින් තිබෙන වටපිටාවක නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිසේ අවධාරණයට යොමුව ඇත.

යහපාලන රජයේ ප්‍රමුඛ පොරොන්දුවක් බවට පත්වූ මෙම අපරාධයන්ට දඬුවම් ලබාදීමේ ජනතා අපේක්ෂාව මෙලෙස නීතිපතිවරයාගේ අතින් නිසියාකාරව සිදුනොවීම දැවැන්ත ප්‍රශ්නයක් බව සිහිපත්කල යුතුය. එසේම මෙම පරීක්ෂණ වලට අදාල වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට කටයුතු නොකිරීම තුලින් මෙම ආණ්ඩුවේ ගමනටද විශාල බාධාවක් විය හැකිබව සත්‍යය. මීට සති කීපයකට පෙර “රාවය” සති අන්ත පුවත්පත මගින්ද නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිසේ විවේචනයට ලක්කරන ලදි.

නීතිපතිවරයා පමණක් නොව මෙම පරීක්ෂණ වලට අදාලව ඉදිරි පියවර නොගැනිමට ආරක්ෂක ලේකම්වරයාගේද මැදිහත්වීමක් ඇතිබව දැනගන්නට ලැබේ. නීතිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ඉහල තනතුරු දරමින් රාජපාක්ෂිකව කටයුතු කල පුද්ගලයන් ලෙස සිටි නිසාවෙන් අද එම රාජපක්ෂ රෙජීමය තුල සිටි සිය හිතවතුන්ට දඬුවම් දෙන්නට හිත හදාගැනීමට නොහැකි නිසා මෙම පරීක්ෂණවලට උණුසුම මැකීයන තෙක් යටගසා තබන්නට උත්සහ කරයිද යන්න ගැටළුවකි.

කෙසේ වෙතත් නීතිපතිවරයාට සහ ආරක්ෂක ලෙකම්වරයාට එරෙහිව ජන විරෝධය එල්ලවන්නට පෙර මෙම පරීක්ෂවලට අදාල නීතිමය උපදෙස් ලබාදී වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව මතක තබාගත යුතුය. නොඑසේනම් මේ රජයද තවත් රාජපක්ෂ ආණ්ඩුවක්ම වීම වැලැක්විය නොහැකිය.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles