Saturday, May 4, 2024

ලොකු තැනකට ලොකු අවවාදයක්..!

රාජ්‍ය ඇමැති සයිස් මහත්තුරැන්ගෙ මැසිවිලි ගොඩයි… කැබිනට් මහත්තුරැ තමන්ට කිසිවැඩක් පවරන්නෙ නැහැ කියලයි මේ අය දුකින් ඉන්නෙ…

පසුගිය දවසක මේ විදියට දුකට පත් රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් තමන් නම් කළ අයට අමාත්‍යංශයෙ ආයතනයක අධ්‍යක්ෂ කම් දුන්නෙ නැහැ කියලා ලොකු ගෝරනාඩුවක් දැම්ම.

කැබිනට් මහත්තය තමන්ගෙ නම් අයින් කරලා කියලා උන්නැහේ රටේ ලොකු මහත්තයට ටිකක් ආවේගශීලි ලියුමක් ලිව්වා කියලයි ආරංචි…

ඉතින් මේ ලියුමට උත්තරයක් ලොකු මහත්තයගෙ පැත්තෙන් ආවෙ නැහැ. ඒත් ලොකු මහත්තයා මැති සබයට ආපු වෙලාවක එකපාරටම මේ රාජ්‍ය ඇමැති සයිස් මහත්තයට එන්න කියලා පණිවුඩයක් ආවා… උන්නැහේ ඒ අනුව රටේ ලොකු මහත්තය හම්බ වුණාලු. එතෙන්දි රාජ්‍ය ඇමැති සයිස් මහත්තය තමන්ට ලියලා එවපු ලියම ගැන ලොකු මහත්තය විශාල දෝෂාරෝපණයක් කළා කියලයි ආරංචි.

තමන්ගෙ ප්‍රශ්න කෙළින්ම රටේ ලොකු මහත්තයට ලියුම් මගින් නොකියා පක්ෂ නායක මට්ටමින් එවන්න කියලත් අවවාද කළාලු. තමන් පත්කළ ඇමැතිලාට මෙහෙම චෝදනා නැගීම වැරදි බවක් කීවලු…

මූලාශ්‍රය – දේශය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles