Tuesday, May 7, 2024

මල් වඩමෙන් සල්ලි ගැරූ මහින්දගේ මිනී කාක්කෝ..

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු විසින් පුවත්පත්වල පලවන අවමගුල් දැන්වීම්වල තොරතුරු සොයාගෙන එම අවමගුල් සඳහා මල්වඩම් සහ ශෝක පණිවිඩ යැවීමට විශේෂ ඒකකයක් පත්කර තිබූ බව වාර්තාවේ.

ඊයේ (3) පාර්ලිමේන්තුවේ ජනපති වැය ශීර්ෂ ඉදිරිපත් කරන අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ මහින්ද රාජපක්ෂ පාලනය මල්වඩම්වලින් පවා ගසාකා ඇති බවයි. අවමගුල් වෙනුවෙන් 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 15ක් වැය කල බවට පෙන්වා ඒ හරහා මහා පරිමාණ ගසා කෑමක් සිදුකර ඇති බව පැහැදිලිය.

මෙලෙස මල්වඩම් ඇණවුම් බොහොමයක් බාරදී ඇත්තේ හිටපු ජනපතිවරයාට හිතවත් මල් ශාලා දෙකක් වන කොළඹ ජයරත්න මල් ශාලාව සහ මාතර රේලන්ඩ් මල් ශාලාවටය. දකුණු පළාතේ පැවති අවමගුල් සඳහා ඇණවුම් ලබාදී ඇත්තේ රේලන්ඩ් මල් ශාලාවටය.

florist_1

 

florist_2

 

florist_3

 

florist_4

යම් හෙයකින් අම්පාරේ පැවති අවමගුලක් පිළිබඳ විශේෂ ඒකකය දැනගතහොත් මල් වඩමට සහ ප්‍රවාහන වියදම සමග රුපියල් 15000කට වැඩි  මුදලක් වැයකරමින් ශෝක ප්‍රකාශකලේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලිය. ඇතැම් දිනවල අවමගුල් තුන හතරක්ද, ඇතැම් දිනවල දහයක් පහළොවක් දක්වා අවමගුල් වලට මල්වඩම් යැවූ බව පෙන්වා මහින්දගේ මිනී කාක්කන් අතිශය නින්දිත ආකාරයෙන් මහජන මුදල් කොල්ලකා ඇතිබව පැහැදිළිය.

ජනපතිගෙන් විතරක් නෙවෙයි

මෙහි හොඳම කොටස වන්නේ මෙසේ අවමගුල් සඳහා ශෝක ප්‍රකාශ යවන්නෛ් ජනපතිවරයා වෙනුවෙන් පමණක් නොවන බවයි. රාජපක්ෂ පාලන සමයේ බොහොමයක් අවමගුල්වල ජනපති වෙනුවෙන්, කතානායකවරයා වෙනුවෙන්, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වෙනුවෙන් මෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන්ද වෙන වෙනම මල් වඩම් සහ ශෝක ප්‍රකාශ අවමගුල් අවස්ථාවල අනන්තවත් දැක ඇත.

එසේනම් මේ අවමගුල්වලට මල්වඩම් යවා ගසා කෑ මුදල මිලියන 15කින් නොනවතින බවත් එය රුපියල් කෝටි ගණනක මුදලක් බව උපකල්පනය කල හැක. බහුතරයක් ජනතාව වේල් තුන පිරිමසාගැනීමේ අර්බුදයක සිටිද්දී මහින්දගේ මිනී කාක්කන් සහ සහචරයන් මල්වඩමෙන් සහ මළමිනී විකුණමින් බඩකට පුරවාගත් තුච්ඡ සංස්කෘතියක් පැවති බව දැන් සාක්ෂි සහිතව පෙන්වාදී ඇත.

සාක්ෂි අතේ මාට්ටු

අදාල මල් ශාලා දෙක මගින් නිකුත්කල බිල්පත්ද ඉතා අක්‍රමවත් වන අතර ඒවා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරු නමින්, සංවිධායකවරු නමින් ලියා ඇත. බිල් අංක අනුපිළිවෙලක් නොමැති අතර විවිධ අංක ඒවාට යොදා ඇත.

මෙම මල්වඩම් හරහා මහා පරිමාණයේ මුදල් කොල්ලයක් ජනාධිපතිවරයා විසින් පත්කල විශේෂ අවමගුල් ඒකකයේ සහචරයන් විසින් මහජන මුදල් මලු පිටින් ගිල ඇතිබව හෙලිවී ඇත.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles