Monday, April 29, 2024

ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවට ඩයනා පත්කරයි.!

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සභාපතිත්වයට නවසීලන්තයේ, කාන්තාවක් නම් කර තිබෙනවා.

ඇය නමින් ඩයානා පුකේටා ලින්ඩන් බවයි පැවසෙන්නේ.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට ඇය පත්කරනු ඇති බවයි.

ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනියද වන අතර මීට පෙර අමෙරිකාවේ රුවල් ඔරු පැදීමේ සංවිධාන දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඩයනා ලින්ඩන්ට පරිපාලනමය අත්දැකීම් සම්භාරයක් ඇති අතර ඇය නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට පළමුව සම්බන්ධ වී ඇත්තේ 2017 වසරේ දීයි.

Related Articles

Latest Articles