Monday, May 6, 2024

ක්‍රිකට් ඡන්ද අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා එල්ල වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව විරෝධතා 36ක් එල්ල වෙයි. ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව විරෝධතා භාර ගැනීම ඊයේ පස්වරු 3.30ට අවසන් වූ අතර, ප්‍රධාන නිලතල සියල්ලටම විරෝධතා ගොනු වී තිබිණි. ක්‍රිකට් නිලවරණ කමිටු සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය හා විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වූ ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ලැබී ඇති විරෝධතා විමර්ශනයකට ලක් කරනු ඇත.

විරෝධතා සම්බන්ධව නිලවරණ කමිටුව විසින් ගනු ලබන තීරණ මේ මස 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, අනතුරුව අවසන් නාමලේඛනය අප්‍රේල් මස 20 වැනිදා නිවේදනය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීමට නාමයෝජනා භාර ගැනීම පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදු කෙරිණි. සභාපති, උපසභාපතිවරු දෙදෙනකු, ලේකම්, උපලේකම්, භාණ්ඩගාරික සහ උපභාණ්ඩාගාරික තනතුරු සඳහා නාමයෝජනා කැඳවා තිබිණි.

සභාපති තනතුර සදහා වත්මන් සභාපති ෂම්මි සිල්වා, මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර, මේ සියලු දෙනාටම එරෙහිව විරෝධා ගොනු කොට ඇතැයි පැවැසේ. එමෙන්ම අනෙකුත් ප්‍රධාන තනතුරු කිහිපයකටම පාර්ශ්ව කිහිපයකින් විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles