Monday, May 6, 2024

කාංචනගේ වැඩ වලින් ඉන්ධන පෝලිම් දිග්ගැස්සේ…!

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹියේ ය.

මේ අතර, සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් මේ වනවිට වසා දමා ඇති බවය.

එමෙන්ම, ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, දුම්රිය මගින් දැනට 40% ක ඉන්ධන ප්‍රවාහනය තවදුරටත් පුළුල් කරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය කිරීම මගින් ඩිපෝ වෙනුවෙන් අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට ද තීරණය කළ බව ද , අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකිවූ නව රථ සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ආයතනයේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිලධාරී මණ්ඩලයක් යෙදවීමට ද තීරණය කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ, ඊට අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුළ නව බලපත්‍ර ලබා දීමට පියවර ගන්නා බවය.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බවුසර් රථ වෙනුවෙන් වෙනම තෙල් බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබා දීමට ද තීරණය කළ බව, කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පවසන්නේ, ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන රථවල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයින්ගේ රථවල බලපත්‍ර අහෝසි කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවය.

නව තීරණ අනුව, රජය සතු බවුසර් වැඩි වශයෙන් ධාවනය කරවීම සහ පැමිණෙන පෞද්ගලික රථ සඳහා ස්ථිර මිල සූත්‍රයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ද නියමිත ය.

අවශ්‍ය ඉන්ධන තොග ප්‍රවාහනයට පැය 24 ම පර්යන්ත ක්‍රියාත්මක කිරීමට ද තීරණය කළ බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles