Wednesday, May 8, 2024

කිසිදු ඉන්ධන හිඟයක් නෑ

වර්තමානයේ දී මෙරට ජනතාව අතර ඉන්ධන හිඟයක් මතුවේ යැයි අනවශ්‍ය බියක් ඇති කර ගෙන තිබෙන බවත්, එහෙත් එවැනි ඉන්ධන හිඟයක් දැනට රට තුළ නොමැති බවත්, ඉදිරියේ දී ඉන්ධන හිඟයක් ඇති වීමට රජය ඉඩ නොතබන බවත්, වැවිලි කර්මාන්ත අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (26) පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරි වසර සදහා මාස 08 කට සරිලන ඩිසල් සහ පෙට්‍රල් මෙරටට ආනයනය කිරීමට සිංගප්පූරුවේ විචෝල් ඒෂියා ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසුව ගිවිසුම ප්‍රදානය කිරීම පිළිබඳව වූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම, විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වන බවත්, පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයන් හි යම් යම් බලපෑම් සැපයුම සම්බන්ධයෙන් ඇති වූ අතර වසංගත තත්ත්වයන් තුළ නිෂ්පාදන වල බිඳ වැටීම්, සැපයුම් දාමයන්ගේ අක්‍රියවීම් මෙන්ම මෙරට ඩොලර් හිඟයත් ලෝක වෙළඳපොලේ මිල ඉහල යාමත් යන එකී සියලු කරුණු කාරණා නිසා මෙරටට ආනයනය කරන ඇතැම් භාණ්ඩ වල මිල ඉහළ යාමට තුඩු වී ඇති බවත්, ඒ අනුව ඉදිරියේ දී විවෘත වෙළදපොලෙහි සාධාරණ තරඟකාරීත්වය වැඩිවීම හරහා භාණ්ඩ වල මිල පහළ යාමක් සිදු වනු ඇතැයි විස්වාස කරන බව අමාත්‍යවරයා විසින් කියා සිටියේය.

රජය විසින් තෙල් මිල වැඩිකිරීම සම්බන්ධව තීරණයක් තවමත් ගෙන නොමැති බවත් විදේශ ප්‍රේෂණ මෙන්ම අපනයන අදායම නැවත ක්‍රමානුකුලව ගොඩනැගෙමින් තිබෙන හෙයින් ඉදිරි මාස කිහිපයක් තුළ දී යහපත් ආර්ථික වාතාවරණයක් ඇති වනු ඇතැයි ද, වත්මන් රජය බලයට පත්වීමට පෙර තිබූ මිල ගණනට වඩා දෙගුණයක් වශයෙන් වෙළඳපොළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84 ක් පමණ වී තිබෙන බවත්, ඒ නිසා ඉන්දියානු තෙල් සමාගම මිල වැඩිකිරීමට තීරණය කොට ඇති බවත් හෙතෙම කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles