Wednesday, May 8, 2024

කුණු වර්ග කිරීම අද සිට

වර්ගීකරණය කළ කසළ පමණක් එකතු කිරීමේ වැඩසටහනේ සමාරම්භය, ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සනිටුහන් කෙරිණි.
එම දීප ව්‍යාප්ත වැඩසටහන සංකේතවත් කරමින් දිරාපත් වන සහ දිරාපත් නොවන වශයෙන් වර්ගීකරණය කළ කසළ බඳුන් ජනාධිපතිතුමා විසින් නගර සභාව වෙත භාර දෙනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අපේ රටේ කැළි කසළ ගැටලු ව ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති, රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කර විසඳුම් ලබාදිය යුතු ගැටලුවක් බවයි.
පිරිසිදු නගරයක් මෙන්ම පිරිසිදු රටක් ඇතිකරලීමට මෙම ව්‍යාපෘතිය මනා පිටිවහලක් වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් රජය ගෙන යන සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට රටේ සියලු ජනතාවගේ සහයෝගය හිමි විය යුතු බවද ප‍්‍රකාශ කළේය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත් මහනගර සංවර්ධන සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයත් මූලිකත්වය ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles