Friday, May 3, 2024

කුමන හෝ සීමා නොපැණවුවහොත් රට අමාරුවේ.. – උපුල් රෝහණ

මෙම සති අන්තයේදී යම් තරමක හෝ සංචරණ සීමාවන් පැනවීමක් රජය විසින් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එය මෙතෙක් සිදුව නොමැති බැවින් පවතින ඉතාම අවදානම් කොවිඩ් තත්වය හමුවේ තම ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ වගකීම 100%ක ජනතාවට පැවරී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 

“ලංකාවෙ මේ මොහොත වෙනකොට ඉතාම අවදානම්. අපට පේන්න තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතෙ ඇතැම් ස්ථාන, වයඹ පළාතෙ ඇතැම් ස්ථාන වගේම ලංකාවෙ අනෙකුත් ප්‍රදේශවලත් අනුපොකුරු වර්ධනය වෙමින් රෝගීන් සීඝ්රයෙන් වර්ධනය වෙමින් තියෙනවා. ඒනිසා මේ තත්වය හමුවේ මේ දීර්ඝ සති අන්තය තමයි එළඹීමට නියමිත. මේ සති අන්තයේදී ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලනවා. 

අපි අපේක්ෂා කෙරුවා යම් තරකම හෝ සංචරණ නීති පැනවීමක් කරයි කියලා. නමුත් එහෙම තත්වයක් මේ වනතුරු පේන්න නෑ. කෙසේවෙතත් මේ තත්වය හමුවේ මහජනතාවට 100%ක්ම වගකීම පැවරෙනවා ඔවුන්ගෙ ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට. 

එළඹෙන සති අන්තයේදී හැකිතාක් තමන්ගෙ නිවෙස්වලට වෙලා ඉඳලා, සියලුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා, කොවිඩ් 19 ආසාදනයෙන් තමන්ගෙ සහ තමන්ගෙ දරුවන්ගෙ, තමන්ගෙ අසල්වැසියෙන්ගෙ ජීවිත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නෙ. විශේෂයෙන්ම මේ වගකීම 100%ක් ඔබට තියෙන්නෙ, එනිසා ඔබ ඉතාමත් වගකීමෙන් මේ කටයුත්ත කරන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles