Sunday, May 19, 2024

කුලපතිට එරෙහිව කොළඹ විද්‍යාර්ථීන් පෑ විරෝධය අතිශයින්ම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් – ඔිමල්පේ සෝභිත හිමි

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මේ තුළින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.

ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව කී සෝභිත හිමියෝ බොහෝ දෙනෙක් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝංජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඝෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් උන්වහන්සේ පවසති.

රජයක් නියෝජනය කරන්නේ මෙහිදී අපහාසයට, උපහාසයට යොමුවුණු තනතුරු බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, පෞද්ගලික, දේශපාලන, ඥාති හිත්‍රමිත්‍රකම් මුල්කරගෙන තනතුරු දෙනවිට, බොහෝ දෙනෙක් නිහඬව සිටියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, එම විරෝධය ප්‍රදර්ශනය කර ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත්  පැවසූහ.

රජයක් නියෝජනය කරන්නේ මෙහිදී අපහාසයට, උපහාසයට යොමුවුණු තනතුරු බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත්, පෞද්ගලික, දේශපාලන, ඥාති හිත්‍රමිත්‍රකම් මුල්කරගෙන තනතුරු දෙනවිට, බොහෝ දෙනෙක් නිහඬව සිටියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, එම විරෝධය ප්‍රදර්ශනය කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

හිතවතුන්ට තනතුරුදීම හේතුවෙන් රටම මහත් ව්‍යසනයට ගොදුරු වී තිබෙන බව කී උන්වහන්සේ මෙි දක්වා ගෙන ගිය වැඩපිළිවෙල අසාර්ථක බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් ගත යුතු බව ද සඳහන් කළේය.

හාමුදුරුවෝ. මහානායක හිමිවරුන් ඇතුළු සියලුම ආගමික නායකයින් සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් ලෙස ගත යුතු බවද සෝභිත හිමියෝ පැවසූහ.

ඇඹිලිපිටියේදී අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ ආණ්ඩුවට එරෙහිව පවතින ජනතා විරෝධය රජය පිළිගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්,

“තමන් අතමැති දෙයක් සාධාරණ ලෙස ධර්මානුකූලව ප්‍රතික්ෂේප කිරීමේ වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක සිදු වුන බව අපි දැක්කා. කරුණාකර මේ පිණිවිඩය මේ ආදර්ශය මේ නිදර්ශණය ඉගනගන්න. ප්‍රධාන වශයෙන් අපි කියා සිටිනවා නායක මහානායක ආගමික නායකයන් ඇතුලු සියලුම ආගමික නායක වරුන් සමාජ ක්‍රියාකාරීන් මේ නිදර්ශණය පාඩමට ගත යුතුයි.  තමා අකමැති දේ අකමැති බව පැහැදිලිවම දැන දැනත් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ දෙබිඩි, නෝන්ජල් ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී ලෝකේ රටේ මිනිස්සු කොළඹ විශව විද්‍යාලයේ විද්වතුන් ඝෘජුලෙස ඝෘජු ප්‍රතිපන්න ලෙස තමන්ගේ මතය පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනව.

ජනාධිපතිතුමා මේ පිණිවිඩය තේරුම්ගත යුතුයි. රජය මේ පණිවිඩය තේරුම් ගත යුතුයි. ඒ අපහාසයට උපහාසයට යොමු වුන තනතුර තමයි රජයත් නියෝජනය කරන්නේ.  විශ්ව විද්‍යාලීය විද්වත් ප්‍රජාව තමයි මේ රටේ ජනතාව නියෝජනය කරන්නේ. ජනතාව රජයට දෙන පොදු දඩුවමක් තමයි  මේ ප්‍රසිද්ධියට පත්වූනේ. ජනාධිපතිතුමා සිතාගත යුතුයි තම තමන්ට අවශ්‍ය විදියට පුද්ගලික සම්බන්ධකම් දේශපාලන සම්බන්ධකම් ඥාති හිතමිත්‍රකම් මුල් කරටගන ආයතන වග අදිපතිකම් දෙනකොට, සංස්ථාවල සභාපතිකම් දෙනකොට කාටවත් මොකුත් කියාගන්න බැරිව සිටියේ.  කොළඹ විශ්ව විදයාලයේ විද්‍යාර්තීන් ‍ඒ සදහා නිසි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කලා. රජය මේය පැහැදිලිව තේරුම්ගත යුතුයි. ඒ තමන්ගේ උවමානවන් යටතේ මේ දක්වා පත්කර ඇති සංවිධාන මණ්ඩල සංස්ථා ආදියට පත්කල නායකයින් සභාපතිවරුන් අධ්‍යක්ෂක වරුන් අතිශයින්ම අසාර්තකයි කියන එක ඉතාමත් පැහැදිලියි.

අද මුලු රටම මහත් ව්‍යවසනයකට ගොදුරුවෙලා තියෙන්නේ ඥාති සංග්‍රහය, අපි හිතනව විද්වතුන් කියල විද්වතුන්ට අවස්ථාව දීල තියෙනව රටේ වැඩ කරන්න කියල ඒවා සම්පූර්නයෙන්ම අඅසාර්ථක වෙලා තියෙනවා. එහෙමනම් ජනාධිපතිතුමා දැන්වත් තේරුම්ගන්න ඔබ මේ දක්වා ගෙන ගිය වැඩපිළිවෙල වැරදියි. ඒ වැරැද්ද නිවැරදි කරගන්න තවමත් අවස්ථාව නැතිවාම නොවෙයි.  මේ කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිස කල ක්‍රියාව මේ රජය භාරගත යුතුයි. තේරුම් ගත යුතුයි. මේ රටේ ආගමික නායකයන් ඇතුලු සියලු නායකයන්ට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉතාමත් වැදගත් පාඩමක් කියලදීල තියෙනවා. ඒක ඉතාමත් වැදගත්‍.

අයතා පත්වීම්, අසාධාරණ පත්වීම් තමයි රටක විනාශයට මුල වෙන්නේ. විශේෂයෙන් නිදර්ශන කිහිපයකින් මේ බව ඔප්පු වෙනවා. රජය මහජන ඡන්දයෙන් පත්වෙන බොහෝ දෙනෙකුට රජය විශේෂ වරප්‍රසාද ලබා දෙනව‍. සුදුදුකම නොව ඥාතිත්වය හිතවත්කම පාක්ෂික බව ජන්දයට උදව්කල බව සලකල යම් යම් ආයතනවල ප්‍රධානත්වයන් දීල තියෙනව. අද මහා පරිමාණයෙන් මහජන දේපොල සූරා කන්නත් කොමිස් ගහන්නත් පෙළඹිලා තියෙන්නේ මෙන්න මේ පත්වීම්.

ඒ නිසා රජය මොන තරම් අසීරුතාවයට පත්වෙලා තියෙනවද. තමන්ගේ අය මේ වැරදි කරන නිසා තමන්ගේ කම නිසා අඩුම තරමේ නීතිමය පියවරක්වත් ගන්න බැරිවෙලා තියෙනව. නොයෙක් විදියේ වංචා සීනි වංචා, ලූනු වංචා,තෙල් වංචා, පොහොර වංචා, ගෑස් වංචා, මේ සෑම වංචාවකම හේතුව කුමක්ද. හිතවතුන්ට තැන දීම. ඔවුන් හිතනවා තමන්ට ලැබුනු මොහොතේ හොරකම් කිරීම හොදයි කියල‍‍. ඒනිසා තමයි මේ දක්වා හොරකම් මැරකම් ජාතික අපරාධ විහාල වහයෙන් වෙලා තියෙද්දී එකම පුද්ගලයෙක්වත් අත්අඩංගුවටවත් ගන්න ආත්ම ශක්තියක් නැතිවෙලා තියෙන්නේ.

අසූචි පුරවාගත්ත නැවක් ලංකාවට ගෙනත් බලහත්කාරයෙන් බාන්න හදන වෙලාවේ මහජනතාවගෙන් විරෝධයක් නැගුනා ඒත් අවසානයේ අසූචි නැවකට වන්දි ගෙවන්න උනා. අපරාදේ මුදලක් චීන කුණු නැවකට ගෙවන්න සුද වුනා. ජනාධිපතිතුමා මෙතෙන්දිවත් ජනතාවට යුක්තිය ඉටු කරන්න. මේ හොර ගනුදෙනුවට ඇයි මහජනතාවට දඩුවම් දෙන්නේ. මේ ගනුදෙනුවට අත්සන් කල අයගේ ධනයෙන් නේද මේ වන්දිය ගෙවන්න ඹ්න. දැන් තියෙන්නේ හිගන කාසිවලින් පුරවන්න හදන භාණ්ඩාගාරයක්‍. මේ කූඩ පත්වීම් නිසා මේව වෙන්නේ. දැන්වත් මේක රජය තේරුම්ගත යුතුයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles