Monday, May 6, 2024

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටෙිනර් දහසක් නිදහස් කරගන්න ඩොලර් මිලියන 25 ක් අවශ්‍යයි, නැත්තමි වුණොත් උත්සව සමයේ ආහාර හිඟයක් !

මේ වන විට පවත්නා ඩොලර් හිඟය මත වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් දහසක් පමණ නිදහස් කර ගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන විසිපහක් කඩිනමින් වන විට ලබා නොදුනහොත් ඉදිරි උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති වීම වැලැක්විය නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යාහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.ඔවුන් වෙළෙඳ අමාත්‍යාංශයටත් ඒ බව දැනුම් දී ඇත.

කන්ටේනර් වරායේ රඳවා තැබීම නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවන බව හා එසේ වුවහොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යාහැකි බවත් ආනයනකරුවෝ පවසති.ඔවුන් වෙළෙඳ අමාත්‍යාංශයටත් ඒ බව දැනුම් දී ඇත.

ආනයනකරුවන්ගේ මෙම ඉල්ලීම මත අවශ්‍ය ඩොලර් කඩිනමින් ලබාදෙන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles