Sunday, May 19, 2024

කොරියානු භාෂා විභාගය 01 සහ 02

ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන පළමු කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය ඔක්තෝම්බර් මස 1 හා 2 යන දෙදින කොළඹ මධ්‍යස්ථාන 4 කදී පැවැත්වීමට නියමිතය.

ඉසිපතන විද්‍යාලය, අශෝක විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය එම මධ්‍යස්ථාන 4 වන අතර අයදුම්කරුවන්ට තම විභාග මධ්‍යස්ථානය www.slbfe.lk යන වෙබ් අඩවිය මඟින් දැනගත හැකි බව විදේශ රැකියා අමාත්‍යාංශය දන්වයි.

ඇගයුම් මත ලකුණු දීමේ විභාගය සඳහා ලිඛිත, කුසලතා හා නිපුණතා යන ක්ෂේත‍්‍ර තුන ඇතුළත් වේ. මෙම විභාගය සඳහා 22,353 දෙදෙනෙකු අයදුම්කර ඇති අතර, මීට පෙර පවත්වන ලද ධීවර ක්ෂේත‍්‍රයේ විභාගය සඳහා අපේක්‍ෂකයින් 3,776 දෙනෙකු පෙනී සිට ඇත. ඇගයුම් මත ලකුණු දීමේ විභාගය හා ධීවර ක්ෂේත‍්‍රයේ විභාගය යන විභාග දෙකෙහි ප‍්‍රතිඵල මේ වසරේ දෙසැම්බර් මස 7 වෙනි දින නිකුත් කිරීමට නියමිතය.

විභාග අපේක්‍ෂකයින් මෙම විභාගයට මුහුණ දීම සඳහා විභාග අයදුම්පත‍්‍රය සමඟ ගමන් බලපත‍්‍රය අනිවාර්යෙන් රැගෙන ආ යුතුය. විභාගයේ පළමු සැසිය පෙරවරු 10.00 ට ආරම්භ වන අතර, දෙවන සැසිය පස්වරු 2.00 ට ආරම්භ වේ.

කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත්, ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව ඇගයුම් ලකුණු මඟින් ශ‍්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇත.

 

මෙම ක‍්‍රමවේදය මඟින් භාෂා හැකියාව පමණක් නොව වැඩ අත්දැකීම් හා කුසලතා සඳහාද ලකුණු හිමිවේ. මෙම ක‍්‍රමවේදය මඟින් කොරියානු භාෂාවට අඩු ලකුණු ගන්නා එහෙත් රැකියාව තුළ දක්ෂ සාධන මට්ටම් සහිත අය සඳහා වැඩි අවස්ථාවක් හිමිවේ. මෙවර විභාගය නිෂ්පාදන අංශය සඳහා පමණක් පැවැත්වේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles