Friday, May 17, 2024

කොරෝනා පිළිබඳ ව ජනතා අවධානය අඩුවෙලා – GMOA

වර්තමානයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය අඩුවෙමින් තිබෙන බවත් එය බරපතළ  ගැටලුවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (12) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ කොවිඩ් රෝගීන් වැඩිවීමේ ක්‍රම සඳහා රුකුලක් ලැබෙමින් පවතින බවය. 

එන්නත ලබා දුන්නත් නොදුන්නත් මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම PCR පරීක්ෂණ උපරිම ධාරිතාවකට පැමිණ තිබෙන බව බලධාරීන් පැවසුවද දත්ත ලැබීමේ ප්‍රමාදය තවදුරටත් පවතින බව වෛද්‍යවරයා පවසයි.

එම  ප්‍රමාදය හරහා රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සහ නිරෝධායනය සඳහා යොමුකිරීමේ කටයුතු  අඩපණ වීම ඉතාමත් බරපතළ ලෙස පවතින බවත් වෛද්‍ය කොළඹගේ මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles