Sunday, May 19, 2024

කොවිඩ් වලට එරෙහි සුපිරි ප්‍රතිදේහයක් මිනිසුන් තුළම ඇමරිකාවෙන් ලෝකෙට සුභම සුභ ආරංචියක්..!

කොරෝනා වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ වන විට පැතිරෙන සියලුම කොරෝනා ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි ම මේ ආකාරයේ වයිරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබේ.

මෙම නවතම සොයාගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් සරසවියේ පරීක්‍ෂණයකිනි.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරසවේදීන් පෙන්වා දී තිබේ.

මේ වන විට පැතිරෙන සියලුම කොවිඩ් ප්‍රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි මේ ආකාරයේ වෛරස් මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබේ.

මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොවිඩ් වෛරසයට සහ එහි විපරිත මාදිලියටද එකසේ ප‍්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහයට හැකි වූ බව සනාථ වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles