Monday, May 6, 2024

ලසිත් මාලිංගගේ වාර්තාවක් බිදවැටෙයි

පන්දුවාර විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී කඩුළු 5 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් බිද හෙළමින් ලසිත් මාලිංග පිහිටවා තිබූ වාර්තාව බිඳ වැටිණි.

එය ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග බිමෙන් ඉවත් වන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවු අවස්ථාවේදීම සිදුවීම විශේෂත්වයකි.

ලසිත් මාලිංග පන්දුවාර විස්ස තරගවලදී කඩුලු 5 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවස්ථා 5 කදී බිද හෙළමින් මෙලෙස වාර්තාවක් තබා තිබිණි.

මාලිංග එම දස්කම දක්වා තිබුණේ විස්සයි විස්ස ඉනිම් 289 කදීය. මේ වනවිට එම වාර්තාව බිද හෙළනු ලැබ ඇත්තේ වර්තමානයේ නැම්බියාව නියෝජනය කරන ඩේවිඩ් වීස් නම් වූ වේග පන්දු යන්නා විසිනි. ඔහු ඉනිම් 225 කදී කඩුලු 5 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවස්ථා 6 කදී බිද දැමීය. ඊට අමතරව පකිස්තානයේ ශහීන් ෂා අෆ්රිඩි හා බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් අවස්ථා 4 කදී මෙම දස්කම දක්වා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles