Tuesday, April 30, 2024

කො රෝනා පාලනයට අසමත් වූ නිසා ජපන් අගමැති ඉල්ලා අස්වෙයි

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන ජපානයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් තමා ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව The New York Times වාර්තා කරනවා.

නූතන ජපන් ඉතිහාසයේ දීර්ඝතම පාලනය ගෙන ගිය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් පරිපාලනය අවසන් කරමින් 2020 වසරේදී යෝෂිහයිඩ් සුගා එරට 99 වැනි අග්‍රාමාත්‍ව්රයා ලෙස තේරීපත්විය.

72හැවරදි සුගා ජපානයේ අගමැති වී වසරකටත් අඩු කාලයකදී මෙසේ ඉල්ලා අස්වීම විශේෂත්වයක්.

කො විඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් සුගාගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහළ ගියේ ඔහු ඉතිහාසයේ වැඩිම අප්‍රසාදයට පත් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරමින්

ඒ අනුව, තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සිය පක්ෂයේ නායකයා ලෙස නැවතත් ඡන්දයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බවත් යෝෂිහයිඩ් සුගා ඊයේ (03) කියා සිටියා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles