Saturday, April 27, 2024

ගැහැනුකම ගැන කතාවක්… | CIA-WOMEN

හිතවතෙක් ආරාධනාවක් කරලා තිබ්බා එයාගෙ දුවගෙ මංගල උත්සවය තියෙනවය සහභාගී වෙන්නය කියලා දින කීපෙකට කලින්.. ඉතින් මට ඕක මතක් වෙලා දවස ලඟනෙ කියලා තාත්තට කීවා බලන්න ඒ අංකල්ගෙ බබා මං වඩාගෙන ඉඳලත් තියේ අන්න ඒ කෙල්ලත් බඳිනවා කියලා ☺️ ඒ පාර තාත්තා කියාපි
” මොන බඳිනවද ඒ පොඩි එකා තාම සිස්සත්වෙ ලීවේත් නෑනෙ ඒ කියලා තියෙන්නෙ වෙඩින්ග් එකක් නෙමෙ මෝඩයො කොටහළුවක් ” 😂 මං ටිකක් කල්පනා කරලා බැලුවා සිරාවට ඒක දුවගෙ function එකක් තියෙන්නෙ හොටෙල් Clarion එකෙ කියලත් කීවා.. මේ වගෙ ජම්බු ගහෙන් වැටෙන සීන් වලට මඟුල් ගෙවල් ගන්න සීන් තාමත් තියේ නේද ඉකේයියා කීලා මටම ලැජ්ජ හිතුනා ෆෙන්ස්.. සමහර සංස්කුතික කාක්කො නම් කියාවි මේක ඉතා වටිනා සිංහල සාම්ප්‍රදායික උත්සවයක් ය.. අපි වගෙ ප්‍රබුද්ධ වෙන්න හදන එවුන් ඒකත් විනාස කරන්න හදනවය කීලා😁 ඔය මල්වර වීමෙ මහා මඟුල් වල සාම්ප්‍රදායිකත්වය සිරිත් විරිත් කොහොම උනත් ඒවයෙ පසුබිම කොහොම උනත් මට නම් හිතෙන්නෙ අද කාලෙත් එක්ක මේ ජම්බු ගහ කරේ තියා ගන්න උත්සවෙ යාවත්කාලීන වෙන්නෙ නෑ කියලා..


මල්වර වීම ජයටම ගන්න ආදී කාලෙ ඉදන් සිංහල දමිල පැරැන්නො පුරුදු වෙලා තියෙන්නෙ යම්කිසි අර්ථයක් ඇතුව කියලා මට හිතෙනවා.. ඒ කාලේ අඩු වයස් විවාහ සිංහල සමාජෙත් හරියට උනානෙ.. අවුරුදු 12 , 13 වෙද්දි මල්වර උන ගමන් ගෑනු ළමයෙක් දීගතුලා දෙන සිරිතක් පැරණි සමාජෙ තිබුණා.. මල්වර උනා කියන්නෙ දැරියක් මවක් වීමේ සුදුස්සියක් හැටියට උසස් වීමක් ලැබුවා කියලයි ඒ කාලේ මතය උනෙ.. පළවෙනි ඔසප් වීම උනා කියන්නෙ කසාද බදින්න උනත් සුදුසුයි එහෙම දීග දෙන්න සුදුසු කෙල්ලක් අපේ ගෙදරත් ඉන්නවා කොල්ලනෙ කියලා අහල ගම් හතක උන්ට දෙන මැසේජ් එකක් හැටියට තමා ඔය මල්වර මගුල් ඒ කාලේ පැවැත්තුවෙ කියලයි මගෙ නම් අදහස.. නමුත් හැම රෙද්දම කාලය බලන් නැතුව කරේ තියාගෙන එන මාන්දමික පිරිසක් මේක දිගින් දිගටම චාරිත්‍රයක් හැටියට පවත්වගෙන ආවා.. සංස්කුතික චාරිත්‍ර වාරිත්‍ර කරන උත්සවයක් උනා අන්තිමෙ.. දැන් එහෙම අපේ දිහා බදින වයසෙ කෙල්ලෙක් ඉන්නවා කියන මැසේජ් එක දෙන්න ඔය වගෙ උත්සව ඕනෙ නෑ කියල ඕනෙ මෝඩයෙක්ට පේනවා.. ඒ මොකද පලවෙනි ඔසප් වීම උන පමණින් දැරියක් ගැහැනියක් වෙන්නවත් මවක් වෙන්නවත් පරිණත වෙන්නෙ නෑ කියන එක අපි ඉගෙන ගන තියෙන නිසාම නෙමෙයි😁. එහෙම පරිණත උනත් නැතත් මං දැන් බදින වයසෙ අහවල් එකත් කරන වයසෙ කියලා අද කාලේ ගෑනු ලමිස්සියොම ඇටෙන් පොත්තෙන් එලියට එද්දි මැසේජ් එක කොල්ලන්ට දෙනවා හිටු කීලා😂


හැබැයි ඉතින් විහිලුවට නෙමෙයි.. තමන්ගෙ දියණිය මල්වර උනාම ගම් හතකට කියලා මඟුල් නොකෑවට අම්මා කෙනෙක්ට වැඩිහිටියෙක්ට පුලුවන් ගැහැනියකගෙ ශරිරයෙ ස්වාභාවිකව ඇතිවන සංසිද්දියක් මේක මැජික් එකක් නෙමෙයි රත්තරං පුතේ කියලා තේරුම් කරලා දෙන්න.. ඒ වගේම ගැහැනියක් හැටියට ඉදිරියේදි සිදුවිය හැකි කායික මානසික වෙනස්කම් කියලා දීලා ඒවට මූහුණ දෙන ආකාරය පෞද්ගලිකව ඒ දැරිය දැනුවත් කළා නම් හොඳටම ප්‍රමාණවත් කියලයි මට නම් හිතෙන්නෙ…. ගම් පලාතම දැනුවත් නොකර..ඒක අද කාලේ තමන්ගෙම දියණියගෙ ආරක්ෂාවටත් හොඳයි..

මුස්ලිම් සිරිත් විරිත් පිළිකුලෙන් හෙලා දකින අපිම අපේ ගෑනු දැරිවියො වැඩිවිය පැමිණුනාම අර දරුවා ප්‍රදර්ශන භාණ්ඩයක් කරලා නෑ හිත මිතුරන්ගෙන් කීයක් හරි කඩාගන්නවා.. නිකමට හිතන්න.. ඔය තරු පන්තියෙ හෝටල් වල සංගීත කණ්ඩායම් ගෙනල්ලා අර දරුවා හැමෝටම පෙන්න පෙන්න අපොයි දෙයියනෙ මොන ලැජ්ජාවක්ද ඒ? ඒකත් මේ 21 වෙනි සියවසේදිත්?? තමුන්ගෙ ම ගැහැනු දරුවා විකුණන් කෑම කොහොමද චාරිත්‍රයක් වෙන්නෙ?? මල්වර වීම හා සමබන්ධ සියළුම චාරිත්‍ර අද කාලෙට ඔබින උචිත හරයක් ඇති යමකුත් නෙමෙයි.. දවස් ගණන් දැරියක් ගේ මුල්ලෙ ඔබාගෙන කන්න දිය හොදියි බතුයි දි දි පරණ ඇදුම් අන්ද අන්ද පිරිමි ඇහැ ගැටෙන්න නොදී මේ වගෙ පුහු දේවල් මේ සමාජ ක්‍රමය තුල අපි තවමත් ඉස්සරහට අරන් යනවද?


අම්මෙ, අක්කෙ, නංගි , ඔබේ කුඩා සිඟිත්තියට උගන්වන්න හැකි නම් දිනෙක ගැහැනුකම නළලෙ තබාගෙන යායුතු යමක් නොවන බව, තමන් ස්ත්‍රී වීම පහත් හෝ විශේෂ සැලකිලි හිමි නොවන බව සහ එසේ බලාපොරොත්තුද නොවිය යුතු බව, දරුවන් වැදීමෙ ප්‍රජනන පද්ධතියක් හිමි වු පමණින් ඔබ සමාජයෙන් කොන් නොවිය යුතු බව, ඔබද සමාජ ජිවීයෙක් බවත්, ගැහැනියක වීම ඔබට කැමති ඔබට සුදුසු දේ කිරීමට කිසිම අයුරකින් බාධාවක් කර නොගත යුතු බව සේම ගැහැනිය වනාහි දුර්වල සත්වයෙකු නොව සාමාන්‍ය ජීවීයෙකු බවත් මතක ඇතුවම උගන්වන්න..ගැහැනිය කාගේත් තේරිමක් නොව ඈටම ස්වයං තේරීමක් ඇති බව හැකිනම් උගන්වන්න ගැහැනියක යශෝදරාවක් විය යුතුවා සේම සනී ලියොන් කෙනෙක්ද විය යුතු බව, හැකි නම් උගන්වන්න ගැහැනියක් පත්තිනි මෙන්ම කාලි කෙනෙකුත් විය යුතුම බව.. හැකිනම් උගන්වන්න ඈට ක්වීන් එලිසබෙත් සේම මලාලා යූසුෆ් සායිද විය හැකි බව ,, හැකිනන් නොවේ අනිවාර්‍යන්ම උගන්වන්න… රැජිනක් ලෙස නොඉපදුනත් රැජිනක් ලෙස ජිවත්වෙන හැටි ,, උගන්නන්න ඈට ඩාවින්චිගෙ මොනාලිසා වෙන හැටි,,, කොයි පැත්තෙන් බැලුවත් එකම විදියට පේන ස්ථිරසාර ඇත්තියක වෙන හැටි .. උගන්නන්න ඈට ගැහැනිය වනාහි ඉවසීමෙ සීමාව නොවන බව..ලස්සන හෝ කදුළු ආයුධ නොවන බව විශේශයෙන්ම උගන්වන්න කාගෙවත් කෑලි නොවි ජිවිතයෙ හොඳම බාගය සොයා ගත යුතු බව.. මල්වර වේවි ජිවිතයම❤️🌹

චා❤️න්‍යා!

සමාජ ජාල ක්‍රියාකාරිනී
චාන්‍යා හේරත්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles