Saturday, April 27, 2024

ගෑස් ලිප් පුපුරා යන්න හේතුව හෙළිවෙයි

ගෑස් සිලින්ඩරයේ සිට ලිප කරා ගෑස් ගලා යන පීඩන වේගය අධික වීම ගෑස් නළ සහ ලිප් පුපුරා යාමට ප්‍රධාන හේතුව බව නම් සඳහන් කිරීමට අකමැති වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

මෙයට හේතුව ගෑස් නිෂ්පාදනයේ දී ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය විද්වත් උපදෙස් නොතකා වෙනස් කිරීම බව ද ඔහු අනාවරණය කරයි.

කලින් තිබුණේ ගෑස් අඟලකට රාත්තල් 65ක පීඩනයකින් යුක්තව ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිප කරා ගෑස් ගලා යන ක්‍රමවේදයයි.
එහෙත් සංයුතිය වෙනස් කිරීමෙන් පසු අඟලකට රාත්තල් 105ක් තරම් අධික පීඩනයකින් ගෑස් සිලින්ඩරයේ සිට ලිප කරා ගෑස් ගලා යයි.

එම අධික පීඩනය ගෑස් බටයට හා ලිපට දරාගත නොහැකි වීම නිසා ගෑස් බට සහ ලිප් පුපුරා යන බව ඔහු අවධාරණය කරයි. එහෙත් කිසිදු අවස්ථාවක ගෑස් සිලින්ඩර පිපිරීමට ලක්වී නොමැති බව ද හෙතෙම පැවසීය.

Emanisa.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles