Tuesday, May 14, 2024

ගොවි උද්ඝෝෂණයක් නිසා මෝදි ගුවන් පාලමක සිරවෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළ පන්ජාබ් ගුවන් පාලමක් මත කොටු විය. ඒ, ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ග අවහිර වූ බැවිනි.

ගුවන් පාලම මතදී ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගත්තේ ගොවීන් පිරිසක් ඉදිරියේ මාර්ගය හරස් කරමින්  ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වන්න වූ බැවිනි. ඒ අනුව, මෝදි ගමන් කළ ඔහුගේ රථය අයත් රථ පෙළ වාහන තදබදයට හසුවී අවහිර විය.

අගමැති මෝදි විනාඩි 20ක් ගුවන් පාලම මත සිය මෝටර් රථයේ සිට ඇති අතර පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් විරෝධතාවයේ නිරත වූ ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසුරුවා හැර ඔහු ආරක්ෂිතව රැගෙන ගිය බව පසුව වාර්තා විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් බලා පිටත්ව ගියේ ෆෙරෝස්පූර් හි පැවති උත්සවයකට සහභාගී වීමටයි. අග්‍රාමාත්‍යවරයාට සිදුවූ ‘අකරතැබ්බ’ හේතුවෙන් උත්සවය අවලංගු කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුව නිවේදනය කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශව ගැන දැඩි තීරණ ගන්නා ලෙසත් පන්ජාබ් ප්‍රාන්ත රජයට ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ඉන්දීය අගමැතිවරයා ෆෙරොසෙපූර් බලා යෑසට නියමිතව සිටියේ හෙලිකොප්ටරයකිනි. කෙසේ නමුත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඔහු මෝටර් රථයෙන් යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවය. එය හදිසියේ ගත් තීරණයක් විය.

අග්‍රාමාත්‍ය මෝදි මෙසේ ගුවන් පාලම මත සිරවීම, ඔහුගේ ආරක්ෂක අංශවල සිදුවුණු ‘බරපතල අඩුපාඩුවක්’ නිසා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් පැවැසෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles