Saturday, May 4, 2024

චීන පොහොර තොගයේ සිංගප්පූරු පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

සිංගප්පූරුවේ SGS Testing & Control Services විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් චීනයේ නිෂ්පාදනය කළ කාබනික පොහොර තොගය තුළ අර්වේනියා (Erwinia) ඇතුළු කිසිදු රෝග කාරක අඩංගු නොවන බවට තහවුරු වූ බව Chinese Organic Fertilizer සැපයුම්කරු පවසනවා.

චීනයේ කාබනික පොහොර නිෂ්පාදකයා වන Qingdao Seawin Biotech Group Co., Ltd, SGS Testing & Control Services Singapore Pte Ltd විසින් සිදු කිරීමට නියමිත පරීක්ෂණ සඳහා Hippo Spirit නෞකාව මෙට්‍රික් ටොන් 20,000 කාබනික පොහොර සමඟ සිංගප්පූරුවට ළඟා වුණා.

ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර රැගත් Hippo Spirit දින 70 කට අධික කාලයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සැරිසැරීමෙන් පසු දෙසැම්බර් 4 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත් වුණා.

Hippo Spirit සිංගප්පූරුවට යාමේ අරමුණ වූයේ සාම්පල පරීක්ෂා කර බේරුම්කරණයට යාමයි.

චීනයේ Qingdao Seawin Biotech Group Co., Ltd පැවසුවේ පරීක්ෂණ ප්‍රතිඵල එහි බේරුම්කරණ නඩුවේදී භාවිතා කරන බවයි.

චීනයේ Qingdao Seawin Biotech Group Co., Ltd නිෂ්පාදන හා නැව්ගත කිරීමේ පිරිවැය ඇතුළුව ඩොලර් මිලියන 8 ක වන්දියක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

ඔවුන් තර්ක කර ඇත්තේ ශ්‍රී ලංකාව කාබනික පොහොර මිලදී ගැනීමේ ගනුදෙනුව උල්ලංඝනය කර ඇති බවයි.

මෙි අතර හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර ගෙනා චීන සමාගමට අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති තහනම නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය ජනවාරි මස 06 වැනිදා ලබා දෙන බව කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles