Friday, May 3, 2024

ජනපති ගමට

වී මිල ඉහළ යාමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 12 වන අදියර අද පැවැත්වුණේ ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

ඊට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත විය.

ඉන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“කොවිඩ් වසංගතය මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. අපිට පුළුවන් වුණා සෑහෙන දුරට අනික් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කර ගන්නට. දැන් අපි එන්නත ලබාදෙමින් තිබෙනවා. අපි දැනට ගෙනල්ලා තියෙන එන්නත් මිලියනයක් එන්නත්. මම දැන් එනගමන් හාමුදුරුවනේ බැහැලා මම දැක්කා වී. අපි නොමිලේ පෙහොර ලබාදුන්නා. එතකොට වීවලට රුපියල් 50ක සහතික මිලක් ලබාදුන්නා. දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා රු 50ට හෝ ඊට වැඩිය දෙන්න. සමහර තැන්වල මම අහගෙන ආවා රු 52, 53 වගේ දෙනවා. හැබැයි හොඳ මිලක්. සමහර පැතිවල රු 60ටත් වී වික්කා. ඒක කමක් නෑ. ගොවියන්ට සල්ලි එන්න ඕනේ. මේ වගේ දුෂ්කර පළාත්වලට මේ වගේ එන්නේ නෑනේ කවුරුත්. ජනාධිපතිවරු එන්නෙත් නෑ. ඇමතිවරු එන්නෙත් නෑලු. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නෑලු. ඒක නිසා තමයි මම එන්නේ. ගම සමග පිළිසඳරක් කියන්නේ ගැටලුම අහන්න විතරක් නෙමෙයි. තමුන්ලාන්සේලා ළඟ තියෙනවා අදහස්. ඒ අදහසුත් අහන්න. ඊයේ මම ගෙදර වවලා තිබුණ කහ සහ ඉඟුරු ගලෙව්වා. හොඳ ප්‍රමාණයක් ගලවන්න පුළුවන් වුණා. ඒ වගේම කහ වවන ප්‍රදේශවල හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. වෙනදා පිටරටවලින් මේවට බිලියන ගානක් වියදම් කරා. දැන් අපේ ගොවියට මේ මුදල් යන්නේ. ටිකක් ගණන් යයි ඒකට කමක් නෑ. ඒවා යන්නේ අපේ ගොවියන්ට. දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට. අපි පළමු 35,000 දුන්නා. ඒ අයගේ පුහුණුව ඉවර වුණ ගමන්ම තවත් 35,000කට දෙන්වා. මම පුළුවන් තරම් මන්ත්‍රීතුමන්ලාට නිලධාරින්ට කියලා තියෙන්නේ දුෂණ වෙන්න නොදී අවශ්‍යම පුද්ගලයින්ට ඒවා ලබා දෙන්න කියලා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles