Saturday, April 27, 2024

ජනපති දිවයිනෙන් පලා යයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවෙ නොමැති බවත් ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

BBC පුවත් සේවාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කථානායකවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවයි.

මේ අතර BBC වෙබ් අඩවිය අද වාර්තා කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා නෞකාවක සිටින බවට උසස් ආරක්ෂක අංශ නිලධාරියෙකු ඔවුන් වෙත තහවුරු කර සිටිය බවයි.

BBC මාධ්‍යවේදීයා විසින් මෙහිදී කථානායකවරයාගෙන් විමසා අත්තේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා ඇත්තේ ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කර සඳහන් කළ නොහැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles