Sunday, May 19, 2024

ටිරාන් “මව්බිම“ සල්ලි රට පටවයි, සේවකයන්ට පඩිත් නෑ

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් වන “මව්බිම“ පුවත්පතේ නඩත්තු සහ ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ටිරාන් අලස් සහ රමන්ත අලස් විසින් යුරෝපයේ බැංකුවක් වෙත යවා ඇති බව වාර්තාවේ.

විශ්වාසකටයුතු ආරංචි මාර්ග කියා සිටින්නේ එලෙස යුරෝපයට මුදල් යවා තිබේනනේ මව්බිම පුවත්පතේ සේවකයන්ට පසුගිය මස වැටුප් ගෙවීමද සිදු නොකර බවයි. සාමාන්‍යයෙන් අදාල ආයතනයේ සේවකයන්ට සෑම මසකම 28 හෝ 29 යන දිනවල වැටුප හිමිවන නමුත් පසුගිය මස එසේ නොකිරීම සහ මුදල් මහා පරිමාණව යුරෝපයේ බැංකු ගිණුම් වෙත බැර කිරීම තුලින් සමගාමී සිදුවීමක පෙරනිමිති පෙන්වා ඇත.

වැඩිදුරටත් වාර්තාවෙන ආකාරයට ආයතනය පසුගිය සමයේ දැන්වීම් වලින් සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු වලින් ලාභ ලෙස ඉතා විශාල මුදලක් උපයා ඇතත් සේවකයන්ට කිසිඳු අතිරේක ප්‍රතිලාභයක් ලබාදී නැත. නමුත් සේවකයන්ගේ වැටුප් එකතුවෙන් රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් “සුබ සාධන කටයුතු“ වලට යැයි සඳහන් කරමින් අඩුකරනු ලැබ ඇතත් ඔවුන්ට මේවන තෙක් කිසිඳු සුබ සාධන කටයුත්තක් සිදුකර නැත.

මව්බිම ආයතනයේ මූල්‍ය කළමණාකරු ලෙස කටයුතු කල දුෂ්‍යන්ත බස්නායක ඉන් ඉවත්ව යාමෙන් පසු මූල්‍ය පරිපාලන වගකීම බාරගත් රමන්ත අලස් හට ආයතනයේ මූල්‍ය අර්බුද විසඳාගත නොහැකි වී ඇති අතර, අවධානය යොමුව ඇත්තේ ආයතනයේ මුදල් පුද්ගලික ගිණුම්වලට බැරකිරීම පිළිබඳව පමණක් බවද වාර්තාවේ.

මේ වනවිට මව්බිම සේවකයන්ගේ උත්සහය තමන්ට අහිමි වැටුප් නැවත ලබාගැනීම බවත්, එය සාර්ථක නොවුනහොත් මව්බිම ආයතනය වටලා විරෝධතාව දැක්වීමටද ඔවුන්ගේ සැලසුමක් ඇතිබව වාර්තාවේ.

 

මූලාශ්‍රය – The Independent 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles