Thursday, May 16, 2024

රාජිත-චන්ද්‍රිකා මහජන පක්ෂයේ බලය අල්ලන්නට මෙහෙයුමක

විජය කුමාරතුංග විසින් බිහිකල ශ්‍රී ලංකා මහජන පක්ෂයේ බලය තමන්ගේ සන්තකයට ගැනීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ රාජිත සේනාරත්න විශේෂ මෙහෙයුමක යෙදී සිටින බව වාර්තාවේ.

අසූව දශකයේ පෙරළිකාර පක්ෂයක් ලෙස විශාල ජන බලයක් තිබූ මහජන පක්ෂය වර්තමානය වනවිට එතරම් ප්‍රබල මට්ටමක නොතිබුණත් පක්ෂයක් නොමැතිව දේශපාලනික වශයෙන් අනාථ තත්වයේ සිටින රාජිත සේනාරත්නට මේ මොහොතේ තමන් දේශපාලන උපත ලැබූ මහජන පක්ෂයේ බලය නැවත තමන්ගේ පැත්තට ලබාගෙන එය තමන්ගේ පක්ෂයක් ලෙස පවත්වාගෙන යාමට දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇත. ඒ සඳහා චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියගේද සහය ලබාගෙන මහජන පක්ෂයේ අභ්‍යන්තර පාර්ශව තමන්ගේ සන්තකයට ගෙන පක්ෂය තුල බලය පැතිරවීම ඔවුන්ගේ අරමුණවී ඇත.

විජය කුමාරතුංග 1988 දී සාහසික ලෙස වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය ඔසි අබේගුණසේකර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වයි.පී. ද සිල්වා, හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් නවරත්න විසින් දැරූ අතර වර්තමානයේ එහි නායකත්වය දරන්නේ වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්නය. පක්ෂයේ උප සභාපතිත්වය දරන්නේ වයි.පී ද සිල්වා මහතාගේ බිරිඳවන ඩල්සි ද සිල්වා මැතිණියයි. නමුත් ඔවුන්ගේ බලය අභිබවමින් රාජිත සහ චන්ද්‍රිකා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රධාන ක්‍රියාකාරීන් තමන්ගේ අභිමතය පරිදි හැසිරවීමට උත්සහ කරමින් සිටී. විශේෂයෙන්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහජන පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට එක්වීම වැලැක්වීමද ඔවුන්ගේ අරමුණවී ඇත.

රෙජිනෝල්ඩ් කුරේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, අහමඩ් ඉසත්, සෝමපාල කඳවින්න, සිරිල් ධර්මවර්ධන වැනි ප්‍රකට දේශපාලන චරිත බිහිවුනේද මහජන පක්ෂයෙන්ය. විජයගේ මරණයෙන් පසුව චන්ද්‍රිකා මහජන පක්ෂය අතහැරදැමූ අතර ඇයගේ පාලන කාලය වූ 1994 සිට 2004 දක්වා කාල පරිච්ඡේදයේ මහජන පක්ෂයට හිමිවූයේ කුඩම්මාගේ සැලකිලිය. වර්තමානයේ මහජන පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කටයුතු කරයි.

අසංක නවතරන් ප්‍රමුඛ මහජන පක්ෂයේ වත්මන් ක්‍රියාකාරීන් එළඹෙන 08 වැනි දින රත්නපුරයේ විශේෂ සමුළුවක් පවත්වමින් මහජන පක්ෂයට රාජිත සහ චන්ද්‍රිකාගේ අනවශ්‍ය අතපෙවීම් වලට විරුද්ධවීමට කටයුතු කරන බව දැනගන්නට ලැබේ.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles