Monday, April 29, 2024

මීරියබැද්දේ කඳුළු!

දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ වූ අතර කෝවිලක්, වෙළඳසැලක් ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශයට පත්විය.

විනාශයෙන් මේ වන විට වසරක් ඉක්ම ගොස් තිබේ. වසරක් ගත වී ඇතත් ඉන් පීඩාවට පත්වූ මිනිසුන් තවමත් ගෙවමින් සිටින්නේ වේදනාබර ජීවිතයක්.
නමුත් එම ඛේදවාචකය වූ අවස්ථාවේ ලංකාවේ ජනමාධ්‍ය, සංවිධාන, දේශපාලකයන් ඇතුලු බොහෝ දෙනෙක්ගේ අවධානය මීරියබැද්ද ට යොමු උනත්, සිය සමීපතමයින් මෙන්ම තිබුණු කුඩා හෝ නිවසත්,කාමරකෑල්ලත් නැතිනම් ඉඩමත් අහිමිව තවමත් ඔවුන්ගෙන් බහුතරයක් දිවි ගෙවන්නේ පැරණි තේ කම්හළ තුළයි. එහි ද එක් කාමරයක් තුළ පවුල් කිහිපයක් රැදී සිටීම හේතුවෙන් සෞඛ්‍ය හා විවිද ගැටලුවලට අද වන විට ඔවුන් මුහුණ දෙමින් සිටියි.

21976060984_9f0f028463_k

අනෙක් විශේෂ කරුණ නම් වතුකම්කරුවන් ලෙස ඉතාමත් දුෂ්කරව ජීවිතය ගැටගහගත් ඔවුන්ට අද එම රැකියාවන් ද අහිමිව දිවි ගෙවීමට සිදු ව ඇත්තේ කූලි වැඩක් හෝ ලැබෙන කුමක් හො දෙයක් කිරීමෙනි.

නමුත් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ පොරොන්දු වූයේ නිවාස අහිමි වූ මීරියබැද්ද මිනිසුන්ට කඩිනමින් නිවාස ලබා දෙන බවයි. එසේම විපක්ෂයේ බොහෝ මංත්‍රීවරුද මීරියබැද්දට එවකට ගියේ එහි මිනිසුන්ට සහන සැලසීමේ උනන්දුව මාධ්‍ය තුළින් පෙන්වමිනි. නමුත් අද වන විට ඒ දේශපාලකයන් මාධ්‍ය තුළින් ප්‍රකාශ කරන ලද දෙය ඉටුකිරීමට අපොහොසත්ව ඇත්තේ ස්වාභාවික ව්‍යසනයකදී පවා ආණ්ඩුවේ වගකීම ඉටුකිරීමට තවත් ලංකාවේ රාජ්‍යට ඇති නොහැකියාවත්, දේශපාලකයන්ගේ මාධ්‍ය සංධර්ශණවල ඇති කෛරාටික බවත් සනාථ කරමිනි.

22610050731_66c371c250_k

22598869775_2644bbb251_k

මාස 3ක් ඇතුළත නිවාස සාදා දෙන බවට පොරොන්දු වෙමින් ජනවාරි 8දායින් පත්වූ නව ආණ්ඩුවේ දින 100යේ වැඩසටහන තුළ, පූනාගල ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල් ගල තැබුණේ, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් විසින් ය. නමුත් ඒ ‘ගල‘ තබා දින 300කට වඩා ඉක්ම ගොස් ඇති විට දී එය තවමත් ‘මුල්ගලකට‘ පමණක් සීමා වී ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.

22598868775_3090e8cdcf_k

22598856035_0b23fe2c3e_k

මීරියබැද්ද මිනිසුන්ට දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට හිටපු බළධාරීන්ට මෙන්ම නව බළධාරීන්ට මේ වන විට නොහැකි වී තිබේ. ඔවුන් තවමත් ජීවත් වන්නේ කඳුළු සමගය. ඒ බව පෙන්නුම් කරන ඡායාරෑප වාර්තාවක් ‘Vikalpa‘ වෙබ් අඩවියේ සහෝදර වෙබ් අඩවිය වන ‘Maatram‘ වෙබ් අඩවියේ සංස්කාරක රාජේෂ් සෙල්වරාජ් පසුගිය 29වනදා, මීරියබැද්දේ සංචාරයකින් පසු ප්‍ර‍සිද්ධ කරනු ලැබුවා. මේ පළවන්නේ එහි ඡායාරෑපයි.

21979351904_b98b26ccde_k

22576050786_f56c1d586a_o

පසුගිය 29දා එම නායයාම සිදුවූ ස්ථානයට පැමිණි එම මිනිසුන් පහන් දල්වා නායයාමේන් මියගිය සිය සමීපතමයින් සිහිකරනු ලැබීය.

මූලාශ්‍රය – Vikalpa.org

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles