Saturday, April 27, 2024

ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතියෙන් තොරයි ? – ඉන්ධන ප්‍රමිතිය ගැන සැකයක් !

ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතිය පිළිබඳව පිළිගත හැකි ප්‍රකාශනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ඊයේ (28) පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවට එක් වූ සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන පිරවුම්හල් තුළින් නිකුත් කරන ඉන්ධන ප්‍රමිතියේ ගැටලු පවතින බවයි.

එමෙන්ම ඔවුන් එම අවස්ථාවට ඩීසල් සහ පෙට්‍රල් සාම්පල කිහිපයක්ද රැගෙන එනු ලැබුවා.

ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව තුල යම් සැකයක් නිර්මාණය වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අද ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පරීක්ෂාවට ලක් කළා.

ලංකා ස්වයං රැකියා ත්‍රීරෝද රථ වෘතිකයන්ගේ ජාතික සංගමයේ සභාපති මහින්ද කුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෙනදා පෙට්‍රල් ලීටරයකින් මීට පෙර ගමන් කළ දුර වර්තමානය වන විට ගමන් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

එසේ වුව ද ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ප්‍රමිති ආයතනය ප්‍රකාශ කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා බව පැවසීය.

ඔහු සඳහන් කළේ, එසේ වුව ද ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ප්‍රමිති ආයතනය ප්‍රකාශ කළ බව ය.

මේ වන විට නිකුත් කෙරෙන ඉන්ධනවල කාර්යක්ෂමතාව අඩු වී ඇති බවට සහ ප්‍රමිතිය අඩු වී ඇති බවට දිවයින පුරා ඉන්ධන පාරිභෝගිකයින් සිදු කරන චෝදනා හේතුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තම ආයතනය බලයක් නොමැති බවට ඔවුන් වෙත දැනුම් දුන් බව ත් අදාළ පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ත් ඔහු පැවසීය.

ඒ අනුව, එම පැමිණිල්ල බලයලත් ආයතන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව එම සංවිධානවලට ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles