Tuesday, May 14, 2024

ඩුබායිවලත්, සිංගප්පූරුවෙත් හාල් ඇටයක් හදන්නෙ නෑ… ඒ රටවල මිනිස්සු බඩගින්නෙ මැරෙනව ද? කන්න නැත්තං කොහෙන් හරි ගේනවා නැත්තං – මහින්දානන්ද

ආහාර හිඟයක් ඇති වුවහොත් අවශ්‍ය ආහාර වර්ග විදෙස් රටවල්වලින් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි

ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම සිංගප්පූරුව වැනි රටවල වී වගා නොකරන නමුත් ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කියා සිටියා. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ෆොස්පේට් සමාගම රට තුළ පොහොර මාෆියාවක් හැදූ බවත්, පොහොර මිල පාලනය  කරගැනීමට නොහැකි වූ බවත් කියමින් ෆොස්පේට් සමාගමට චෝදනා කළ ඇමතිවරයා මිලියන තුන්දහස් අටසීයක් පාඩු ලැබූ ආයතන මිලියන 825ක් ලාභ ලබන ආයතන බවට අවුරුද්දක් තුළ පරිවර්තනය කළ තමන් ෆේල් බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කියන බව පැවසීය

ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවන බවට ඇතැමුන් ප්‍රකාශ කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

ලොව සෑම රටක්ම සිදු කරන්නේ තම රට තුළ නිෂ්පාදනය නොකරන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම බවත් කිසිදු රටකට තනිව ආහාරවලින් ස්වයංපෝෂිත විය නොහැකි බවත් අළුත්ගමගේ මහතා පවසනවා.

“ආහාර හිඟයක් ඇති වෙනවා. රටේ ආහාර සුරක්ෂිභාවය ගැන කතා කරනවා බොහෝ දෙනෙක්. දැන් ඩුබායිවල ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළොත් මොනවා ද කියන්නේ? එක හාල් ඇටයක් නිෂ්පාදනය කරනවා ද ඩුබායි? සිංගප්පූරුවේ? ඩුබායිවල මිනිස්සු බඩගින්නේ ඉන්නවා ද? සිංගප්පූරුවේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා ද? ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් දැනුත් අපි පිට රටින් ගේනවා ආහාර වර්ග. අපි අඩු පාඩු ටික ගේන එකයි තියෙන්නේ. ඒ නිසා නිකම් ගෝනි බිල්ලෝ මවනවා මේ රටේ. “

අමාත්‍යවරයා එසේ පවසන වට පිටාවක ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අර්බුදයකට ලක්ව ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවට ආනයනය කරන අත්‍යවශය භාණ්ඩ වලට මුදල් ගෙවීමේ අර්බුදයක් පවතින වට පිටාවක එතුමා මෙම අදහස් පල කිරීම සිදු කරන ලද්දේ පොස්පේට් සමාගමට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (5) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති උත්සවයක් අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles