Monday, May 6, 2024

ඩෙංගු මඬින්න අද සිට ගෙයින් ගෙට..

ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වීම නිසා ගෙයින් ගෙට ගොස් මදුරුවන් බෝ විය හැකි පරිශ‍්‍ර විනාශ කිරීමේ වැඩසටහනක් අද (27) සිට ආරම්භ කෙරෙනවා.

ඒ, ති‍්‍රවිධ හමුදා නිළධාරීන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගේ සහය ඇතිවයි. මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කොලොන්නාව, කඩුවෙල, ගම්පහ, දෙහිවල සහ ගල්කිස්ස යන ප‍්‍රදේශවලට වැඩි ප‍්‍රමුඛතාවයක් ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් විසිදහස් හත්සිය තිස් එකක් වාර්තා වී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 31ක්.

ලබන 30 වැනිදා සිට තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles