Wednesday, May 15, 2024

තරඟාවලිය පැරදුනත් නායකත්වය අතහැර දුවන්න බෑ – මැතිව්ස්

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජය වූ නමුත් නායකත්වයෙන් ඉවත් වීමේ අදහසක් තමන්ට නැතැයි ඇන්ජලෝ මැතිව්ස් කියයි. එංගලන්තයට එරෙහිව ඉකුත් සෙනසුරාදා කාඩීෆ්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගය පරාජය වීමෙන් පසුව මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් එසේ කියා සිටියේය.කාඩීෆ්හිදී පැවැති පස්වැනි එක්දින තරගයේදී ලකුණු 122 ක ඛේදජනක පරාජයක් උරුමකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0 ක් ලෙසින් එක්දින තරගාවලිය පරාජය විය. ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකා පිලට උරුම වූයේ 2-0 ක තරගාවලි පරාජයකි.මෙවර එක්සත් රාජධානියේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද එකම සාර්ථකත්වය වූයේ අයර්ලන්තයේදී පැවැති එක්දින තරග දෙකකින් ජය ලබාගැනීමයි.“ඕනෑම කෙනෙකුට හොඳ කාලයක් වගේම නරක කාලයකුත් තියෙනවා”“මේක නායකයෙක් වශයෙන් මටත් කණ්ඩායමටත් අසීරු කාලයක්…ඒත් එහෙම වුණා කියලා මට දාලා දුවන්න බෑ” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.තම කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශ වලින් දියුණු විය යුතු බව මැතිව්ස් පිළිගනී. විශේෂයෙන්ම සීමිත ඕවර ක්‍රීඩාවේදී තමන්ගේ කණ්ඩායම විසින් පෙන්නුම් කරන ලද දියුණුව පිළිබඳ මැතිව්ස් සතුට පළකරයි.“මට හොඳ විශ්වාසයක් තියෙනවා අපි දිනෙන් දින දියුණු වෙමින් ගියොත් මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන් කියලා…..,“පසුගිය මාස දෙකේම අපට ඒ ප්‍රශ්නය තිබුණා. පන්දුවට පහරදීම, පන්දු යැවීම නැත්නම් පන්දු රැකීමේදී වුණත් සෑම තරගයකදීම අපේ බලාපොරොත්තු කඩවුණා” යයි පැවසූ මැතිව්ස්….“එංගලන්තයට එරෙහිව තරගයක් දිනන්න නම් සෑම සියලු දේම හරියට සිද්ධවෙන දවසක් තියෙන්න ඕන. ඒත් ඒ දවස අපට උදාවුණේ නෑ. ඒ නිසා අපට පරාජය පිළිගන්න සිදුවුණා” යයිද පැවසීය.ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකේදීම එංගලන්ත ක්‍රීඩකයන් දැක්වූ දස්කම් අගය කරමින් කතාකළ මැතිව්ස් තරගාවලි දෙකේදීම එංගලන්ත ක්‍රීඩකයන් හමුවේ තමන් පීඩනයට පත්වූ බවද පිළිගත්තේය.වසර 2014 දී පැවැති එංගලන්ත සංචාරයේදී විස්සයි:20 තරගයත්, ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකත් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර මුලදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් එංගලන්තය පරදවා ජයගත්තේය. එහෙත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල විය.“අවුරුදු කිහිපයක් ආපස්සට හැරිලා බැලුවොත් එංගලන්තය හිටියෙත් අපි අද ඉන්න තත්ත්වයේම තමා. ඒ ඔවුන් කණ්ඩායම ගොඩනැංවූ අවදියයි. ඒත් ඒ ගොල්ලන් එයාලගේ සැලසුම් වලම රැඳ හිටියා”“ඒ විතරක් නෙමේ…ඒගොල්ලන් තෝරාගත් ක්‍රීඩකයන් එක්කම හිටියා. දැන් ඒවායේ ප්‍රතිඵල බලාගන්න පුළුවන්..ඔවුන් දැන් ඉතාමත් විශිෂ්ට ක්‍රීඩාවක යෙදෙනවා විතරක් නෙමේ එංගලන්තයේදී වගේම එංගලන්තයෙන් පිටතදීත් හොඳ දස්කම් පෙන්වනවා” යයිද මැතිව්ස් පැවසීය.මෙම සංචාරයේදී තම ගෞරවය රැකගැනීමට ශ්‍රී ලංකා පිලට ඉතිරිවී ඇති එකම අවස්ථාව වන්නේ අද (5 වැනිදා) සදම්ටන්හිදී පැවැත්වෙන විස්සයි:20 තරගයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles