Tuesday, May 7, 2024

තානාපති සේවයට පිවිසීමට ඔබටත් අවස්ථාවක්

රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ අධිකාරිය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නීතිරීති හා රෙගුලාසිවලට අනුව එම තෝරා ගැනීම් සිදු කෙරේ.

සේවයට බැඳීම සඳහා තෝරාගන්නා ලද සාර්ථක අයදුම්කරුවන් හට විදේශ අමාත්‍යාංශයේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර, විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල 67ක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමි වේ.

ඊට අදාළ වැඩිදුර තොරතුරු http://www.documents.gov.lk/files/gz/2021/4/2021-04-09(I-IIA)E.pdf යන වෙබ් සබැඳිය ඔස්සේ පිවිස ලබාගත හැකි බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles