Monday, May 20, 2024

තිස්ස වැව හෑරීම ‘පුරාවිද්‍යාවෙන්’ නවතයි…

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි .

පසුගිය 20 වනදා හම්බන්තොට තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරී‍මේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ විශය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ව්‍යෘපෘතිය සදහා චීනයේ නිෂ්පාදිත ජෙට් සක්ෂන් වර්ගයේ විශාල යන්ත්‍රයක් ද ස්ථාපිත කර තිබූ අතර ඉන් පැයකදී රොන් මඩ කියුබ් 100 ක් වැවෙන් ගෙඩාගනු ලබයි.

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජකළ දේවානම් පියතිස්ස රජු විසින් මෙම තිස්සමහාරාම වැව ඉදිකළ බවට සැලකේ.

මේ අතර මෙම රොන් මඩ ඉවත් කිරීමෙ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව දක්වන්නේ මෙවැනි අදහසක් .

”දැන් මේක මේ හාරන්න පටන් අරන් තියෙන්නේ වැවේ ,ජල මට්ටම වැඩියෙන් පිරෙන මායිමේ .ගොඩ වෙලා තියෙන කොළ පාටට ගොඩ වෙලා තියෙන ප්‍රදේශයේ තමයි හෑරිය යුත්තේ, එහෙම වුණොත් තමයි. මේ වැවට වැඩි ජල ධාරිතාවක් පුරවන්න පුළුවන්. හාරන්න ඕනේ මේ පැත්තෙන් හාරන්නේ ඒ පැත්තෙන්. කතන්දරයක් තියෙනවා. මේක ඓතිහාසික පෞරාණික වැවක් .මේ වැවේ ඒ රජ කාලේ තිබිච්චි නටඹුන් නෂ්ටාවශේෂ පුරාවස්තූන් ගණනාවක් තියෙනවා. දැන් මේ වැව හාරන්න පටන් අරන් තියෙන ඒ මායියේ චුට්ටක් එහානින් තමා එදා රජ දවසේ රජ බිසෝ වරු ස්නානය කරපු බිසෝ වළ කියන ඒ භූමිය පිහිටලා තියෙන්නේ .එතකොට ඒ හාරන්න පටන් ගත්තු ඒ සිමාව මීට පෙර අපේ ජනතාව දැකලා තියෙනවා ඕන තරම් ගල් කණු පිටින් තිබුණා .මේක හාරන්න පටන් ගත්තාට පස්සේ ඒ ගල් කණුවලට වෙච්ච දෙයක් නෑ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles