Tuesday, May 7, 2024

තෙල් පිරිපහදුවේ ආසාදිතයින් 474ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 474 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම ආයතනයේ සේවකයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීමත් සමග සිදුකළ PCR පරීක්ෂණවලින් එම ආසාදිතයින් වාර්තා වී ඇති බවය.

තෙල් පිරිපහදු සංකීර්ණයේ සේවය සඳහා නව සේවකයින් බඳවා ගැනීමේදී සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකිරීම හේතුවෙන් එලෙස එම ආයතන පරිශ්‍රයෙන් කොවිඩ්-19 ආසාදිතයින් රැසක් වාර්තා වී ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles