Wednesday, November 27, 2024

දුෂ්මන්ත, මහීෂ් ,චාමික වෙන්දේසි වෙයි

 IPL 15 වන කලාපයේ ක්‍රීඩක වෙන්දේසිය අද (13) දෙවන දිනටත් පවත් වුණි.

ඒ බෙංගලෝරයේදීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

එය මෙරට මුදලින් රුපියල් පන්කෝටි තිස් හත්ලක්ෂ අනූ හතරදහසක මුදලකි.

වෙන්දේසියේ දී ඔහු අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 02ක්.

මේ අතර ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70කට මිලදී ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කළා.

මෙි අතර 2022 අයි පී එල් තරගාවලියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිළදි ගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles