Friday, May 17, 2024

සමෘද්ධි දීමනාව 28% කින් ඉහළ දමන්න රජයේ තීරණයක්

සමෘද්ධි ප්‍රතිලාභින් සදහා සියයට 28 කින් සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් රැපියල් 3,500. ක දිමනාවක් ලබපු පවුල් ඒකකයක්  රැපියල් 4,500. ක දිමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.මෙතෙක් රැපියල් 2,500. දිමනාවක් ලැබු පවුල් ඒකකයක්  රැපියල් 3,200. ක දිමානවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.රැපියල් 1,500. ක් ලබපු පවුල් ඒකකයක් සදහා රැපියල් 1,900. දිමනාවක් ලබාදිමට පියවර ගෙන ඇතැයි ද ඔවුහ පවසයි.

සමෘද්ධි ප්‍රතිලාභින් දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක ප්‍රමාණයක් ඉන්නවා.එම සමෘද්ධි ප්‍රතිලාභින් සදහා මෙම සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව ද ඔහු පවසයි.

ඒ අනුව එම වැඩිකිරීම අද (14) සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අනුරාධපුර,ගුවන් තොටුපල මාර්ගයේ ඒ මහතාගේ නිවසේ ඊයේ(13)දින පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ  බව පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් 1,7 67,000ක පවුල් ඒකක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සියයට 28ක සමෘද්ධි දීමනාව වැඩිකිරීමට රජය තීන්දු කරා. ඒ අනුව මෙතෙක් රු 3,500ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් ඔවුන් රු 4,500ක දීමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා. මෙතෙක් රු 2,500ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රු 3,200ක දීමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා. රු 1,500ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රු 1,900ක දීමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා. ඒ අනුව සමස්ත අයවැය ලේඛනය තුළ රුපියල් මිලියන 50,000ක් අපි සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා සඳහා ලබාදීමට කටයුතු කරන්න අයවැය ලේඛනය තුළ සුදානම් කරලා තිබුණා. මේ ඇති වෙන වැඩිවීමත් සමග අමතර රුපියල් මිලියන 15,000ක් වැය වෙනවා. ඒ අනුව 2022 වසර තුළ සමස්ත සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා දීමනා ලබාදීමට රුපියල් මිලියන 65,000ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles