Saturday, May 18, 2024

පරිසරය වනසමින් යාල කැලේ මැද ඉදිවෙන හෝටල් – වන සංරක්ෂණ නිලධාරීන් නිහඬයි

යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ පේරක කලාපයේ විශාල භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙක් විසින් හෝටලයක් ඉදිකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 40ක භූමියක් එළිපෙහෙළි කොට ව්‍යාපාරිකයෙකු විසින් කබානා ඉදිකරමින් සිටින බවට වාර්තා විය.

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ගම්වාසීන් වගාකටයුතු සඳහා ජලය ලබාගන්නා සියඹලගස්වැවට ජලය සැපයීම නතර වී තිබීම හේතුවෙන් මේ වනවිට ගොවීන් ද ගැටලු රැසකට මුහුණ දී සිටී.

හේන් ගොවීන්ට වගා කටයුතු සඳහා ද දැඩි නීති පනවා ඇති පසුබිමක වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඇස නොගැටී දැවැන්ත ගස් මුලින් ගලවා එහි දැව ද යොදා ගනිමින් කබානා ඉදිකර තිබෙන්නේ කෙසේදැයි ගම්වාසීන් ප්‍රශ්න කරයි.

“අපේ අත්තලා මුත්තලා කාලේ ඉඳලා මේකේ හේන් කරගෙන ජීවත් වුණේ. අපි‌ට නීති දාලා තියෙන්නේ අඩි 5කට වැඩිය උස ගහක්වත් කපන්න එපා කියලා. හේන්වලට අවශ්‍ය පැලක් හදාගන්නවත් ලේසි වුණේ නෑ. එහෙම තියෙද්දි තමයි සල්ලිකාරයෝ ඇවිත් මෙහෙම කරන්නේ.” යැයි ගම්වාසීන් පැවසීය.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වන සංරක්ෂණ අඩවි සහකාර නිලධාරිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, “ඔය සිද්ධිය මට වාර්තා වෙන්නේ දැන්. සොයා බැලීමක් කරන්නම්. මාසෙකට ඉස්සෙල්ලා ඔය සිද්ධියක් වෙලා තිබුණේ නෑ.” 

Kubiyo News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles