Saturday, May 4, 2024

ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රිඩා තරගාවලියේදි ශ්‍රි ලංකාවට ලෝකඩ පදක්කමක්

රුසියාවේ මොස්කව් නුවරදි පැවති 58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදි කාන්තා කිලෝග්‍රෑරූම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි විසින් ‍පෙරේදා (25) වන දින ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වී තිබෙනවා.මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රිඩා ඉසව්වක ශ්‍රී ලංකික ක්‍රිඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජාත්‍යන්තර බොක්සිං ක්‍රිඩා ඉසව්වකදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ අපගේ මව්බිමට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් ගයානි කලුආරච්චි බොක්සිං ක්‍රීඩිකාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය.නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිලෝ ග්‍රැමි 75 බරපංතිය යටතේ  ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලින් ජයග්‍රනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකිමි බහුල ක්‍රිඩිකාවක් ලෙස මෙම තරගාවලියට එක්විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles