Friday, May 3, 2024

පළාත් හෝ දිස්ත්‍රික්ක අතර අවශ්‍ය වුවහොත් සංචරණ සීමා ඇමති ජීඑල්

වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“සංචරණ සීමා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි පනවා ක්‍රියාත්මක කිරීමට රජය සුදානම්. කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින් ම අපි ප්‍රතික්ෂේප කරලා නෑ. කොවිඩ් -19 තත්ත්වය දිනෙන් දින වෙනස්වන තත්ත්වයක්. එම නිසා ඒ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැන සිතා බලා ඒ ක්‍රියාමාර්ගවලට එළඹීමට රජය සුදානම්. අවස්ථාපිත සාධක අනුව මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන ආකාරය ඒ ගැන සිතා බලා අවශ්‍ය තීරණය ගැනීමට රජය නිරන්තරයෙන් සුදානම්.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles