Friday, May 10, 2024

ප්‍රතිදේහ පරික්ෂාවක් වහාම ආරම්භ කළ යුතුයි

එන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

වර්තමානයේ එන්නත් ආවරණය නිසා අඩු වෙලා තියෙන මරණ සංඛ්‍යාව හා රෝහල් ගතවීම් සංඛ්‍යාව ඉදිරියේදි පවතින්නේ එන්නතින් ලැබෙන නිසා ඇතිවන ප‍්‍රතිදේහ සහ ප‍්‍රතිශක්තිය මත පදනම් වෙලා.

ඒ නිසා නිරන්තරයෙන් පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් මේ ප‍්‍රතිශක්තිකරණය කොතරම් දුරට ලංකාවේ පුරවැසියන්ගේ තියෙනවද කෙතරම් දුරට කාලයක් පවතිනවා ද යන්න අවබෝධ කරගෙන තුන්වෙනි මාත‍්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු වලට බලධාරීන් සූදානමින් සිටිය යුතුය වෙනවා.

නැතිනම් අපි මේ ළඟා කර ගත්ත ඉලක්කය එන්නත්කරණය නිසා ඇතිවූ ප‍්‍රතිශක්තිය අවසන් වූ වහාම නැවත වරක් කලින් තිබූ තැනටම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. යැයි හෙතෙම සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles