ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ එංගලන්තයට හා ඇෆ්ගනිස්තානයට හිමිවෙයි

0
325

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය සමත්වී තිබෙනවා.

ඒ අනුව පළමු කණ්ඩායම යටතේ තරගවදින එංගලන්ත කණ්ඩායම දල ලකුණු වේගය 3.970 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන තිබෙනවා.

එම කණ්ඩායමේ දෙවන ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලකාවයි.

ශ්‍රී ලංකාව දල ලකුණු වේගය 0.583 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන තිබෙනවා.

මේ අතර දෙවන කාණ්ඩායම යටත් ඊයේ (25) ඇෆ්ගනිස්ථානය හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 130 ක ජයක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවීමත් සමඟ එම කණ්ඩායමේ පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දල ලකුණු වේගය 6.500 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් හිමිවී තිබෙනවා.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය පාකිස්ථාන කණ්ඩායම හිමිවී තිබෙනවා.

ඒ දල ලකුණු වේගය 0.973 ක රඳවාගෙන ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින්.

අද දිනයේ තරග දෙකක් පැවැත්වීම නියමිත අතර එක් තරගයක් දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

අනෙක් තරගය පැවැත්වෙන්නේ, නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here