Monday, April 29, 2024

ප්‍රියන්තගේ අලුත්ම කවි පොත ‘රිදී’ 29 දා තරංගනීහිදී තිරගත වෙයි

මාධ්‍යවේදියකු, කවියකු සහ සිනමා කලා විචාරකයකු වන ප්‍රියන්ත කොඩිප්පිලිගේ  නවතම නිර්මාණ සමුච්චය ‘බයිස්කෝප් එකක් වගේ වැඩක්’ යන තේමාව යටතේ ‘රිදී’ කාව්‍ය සංග්‍රහය මේ 29 වැනි අඟහරුවාදා සවස 3.30ට කොළඹ, බෞද්ධාලෝක මාවතේ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත වීමට නියමිතය.

පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද වෙනස් මුහුණුවරක් ගත් නිර්මාණ ශක්‍යතාවක් පළ කරමින් ඔහුගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට ප්‍රියන්ත සමත් විය. විශේෂයෙන්ම, සිය සිනමාලෝලත්වය සහ කවිකාර හැකියාව මුසු කර ගනිමින් සිවුපද ආකෘතිය නව මුහුණුවරකට ගෙන යමින් ඔහු රචනා කළ කවි නිර්මාණ සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රිය විය. පුවත්පත් ඔස්සේ සිනමාව, නාට්‍ය, සාහිත්‍යය, සංගීතය සහ චිත්‍ර වැනි විවිධ කලා ඉසව් ස්පර්ශ කරමින් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතරම කාලයක් තිස්සේ කාව්‍ය නිර්මාණකරණයේ යෙදී සිටී. ඔහු පසුකාලීනව සිවුපද ආකෘතියත් සමඟ වඩ වඩාත් ගනුදෙනු කරමින් ක්‍රමයෙන් මුහුණුපොත හරහා වඩාත් වැඩි පිරිසක් අතරට සිය කවිය රැගෙන ගියේය.

සාහිත්‍ය – කලා ලෝකයේ මතභේද ගැටුම් සියල්ල අතරින් ඒවාට තුඩු දෙන දැවැන්ත චරිත සමඟ ප්‍රියන්තගේ නිර්මාණාත්මක ඇසුර බොහෝ පුළුල් එකකි. ප්‍රියන්තගේ ලිවීම සහ කථිකත්වය ‍ජ්‍යේෂ්ඨයින්ට, ප්‍රවීණයින්ට මෙන්ම නවකයින්ටද මහත් හිසරදයක් වූ බව නම් අවිවාදිතය.

“විනිවිද” – හරස් රචනා ප්‍රියන්තගේ කුලුදුල් කෘතියයි. ඒ ඉරුදින පුවත්පතේ සිටියදී ඔහු ලියූ තිරු ලිපි සමුච්චයකි. “කොඩී” සහ “පිදුම සමරෙට”  ඔහු ලියූ පෙරළිකාර සහ ජනප්‍රිය කවි පොත්ය. ප්‍රියන්තගේ නිර්මාණ කාර්යයට cia.lk වෙතින් මෙසේ සුබ පැතුම් එක් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles