Tuesday, May 7, 2024

පාද යාත්‍රා ගිහින් ආණ්ඩු පෙරලන්න බෑ – මරික්කාර්

ජනතාව අගොස්තු මාසේ 17 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පත් කර ගත්තා .ඒ  ආණ්ඩුව පත් කර ගත්තේ අවුරුදු 5 කට . ඒ නිසා අවුරුදු 4 මාස 6 ක් වෙනකම් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව විසුරුවන්න බෑ.

2020 පෙබරවාරි මාසේ වෙනකම් ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව විසුරුවන්න හැකියාවක් නෑ. පැහැදිවම  එහෙම තියෙද්දී බල තණ්හාවට හා හොරකම් සහ වංචා ආදිය අහුවෙලා හිරේ යයි කියලා බයට කට්ටියක් ලෑස්ති වෙනවා ආණ්ඩුව පෙරලන්න. නුවර ඉදලා කොළඹට පයින් ආවා කියලා ආණ්ඩුවක් පෙරලෙන්නේ නෑ. හන්දියක උද්ඝෝෂණයක් කළා කියලා ආණ්ඩුව විසිරෙන්නේ නෑ. තවත් කූට උපක්‍රම යෙදුවා කියලා ආණ්ඩුව පෙරලෙන්නේ නෑ. ආණ්ඩුව පෙරලන්න 2020 දී ඡන්දයක් එනකම් බලාගෙන ඉන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා කොළොන්නාව අඩු ආදායම්ලාභී පවුල් 43 ක් උදෙසා සිමෙන්ති ආධාර ලබා දීමේ උත්සවයකදී සදහන් කරන ලදී.

මේ රටේ ආර්ථිකය 2018 දී වර්ෂය වන විට නිවැරදි මාවතකට ගැනීමයි අපගේ වෑයම. ඒත් සමග 2019 -2020 අවුරුදු දෙකේ තව බඩු මිල අඩු කරලා, රැකියාවන් ලබා  දීලා, පඩි වැඩි කරලා දුන්නම 2020 දී වත්  මේ අයට බලයට එන්න ලැබෙන්නේ නෑ. දැන් මේ හදිසිය තියෙන  මහින්ද මහත්තයා ආණ්ඩු පෙරලීමේ ක්‍රියාදමය භාර දුන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාටයි. බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ කවුද ඡන්ද පැරදුනාම ටක් ගාලා ඇමෙරිකාවට මාරු වන එක්කෙනා තමයි. එහෙම නැතිනම් උසාවියෙන් කූඩුවට දැම්මාම ටක් ගාලා රෝහල් ගත වෙන එක්කෙනා. දැන් මේ ලබන සතියේ නුවර ඉදල කොළඹට පයින් එන්න හිටපු කෙනාට තමයි මේ හිටි ගමන් අසනීප වුනේ. එහෙම බලනකොට හිතෙනවා මේ මනුස්සයා නුවර ඉදන් පිළිමතලාවට එන්නත් කළින් අසනීප වෙලා ඇදන් වැටෙයි කියලා. තක්කඩීන්ට විරුද්ධව නිසි දඩුවම් ලබා දීම මේ ආණ්ඩුවේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. වසරකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ආපු පරීක්ෂණ වල ප්‍රතිඵල දැන් එළියට එනවා.තව යන්නත් යන්න සූදානමිනුත් කට්ටිය ඉන්නවා. තමත් කට්ටිය ඉන්නවා තමන්ගේ නිවාඩුවක් බවට ඒක පත් කරගන්නත්. හොරකම් කරලා හිරේ දාලා එළියට එනවා අත උස්සලා වීරයා වගේ. ලක්ෂ 700 ක් හොරකම් කරලා හිරේ ඇතුලට ගිහින් එළියට එන්නේ අත් දෙක උත්සගෙන හරියට නිකං ජනතාව වෙනුවෙන් සටන් කරලා හිරේ ගියා වගේ. මේ විහිළු මේ විකාර අපේ රටේ ජනතාව බලන් ඉන්නවා. ජනතාව උපේක්ෂාවෙන් මේ දිහා බලාගෙන ඉන්නවා යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles