Friday, April 26, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනෙක්ට ගෙදර යන්න වෙයි!

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන හෙයින් නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයි රණවක මහතා ඉල්ලීමක් කළේය.

එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ටද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව හෙතෙම කීවේය.

ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අතර වාර්තා වන්නේ, සුමන්තිරන්, ආර්.සම්බන්ධන්, රාසමානික්කම්, අඩෙක්කලනාදන්, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, උදය ගම්මන්පිල, කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නම් ඒ අතර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles