Sunday, May 19, 2024

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා සහය දෙන ලෙස කාදිනල් හිමි ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකසා දෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටලින් ඉල්ලීමක් කර තිබෙනවා.

තවද පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා සහය දෙන ලෙසද කාදිනල් හිමිපාණන් වහන්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී 49 වන සැසිවාරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසටය.

මෙම ප්‍රහාරය පිළිබද මුල් කාලයේදී අවධානය යොමු කිරීමේදී පෙනීගියේ එය ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කල ප්‍රහාරයක් බව වුවත් පසුකාලීනව මෙය ඉතා සූක්ෂමව සිදුවූ මහා දේශපාලන කුමණ්ත්‍රනයක කොටසක් බව පෙනීගිය බවයි එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ.

එහි සත්‍ය හෙළිදරව් කරන ලෙසට සිවිල් සංවිධාන ඉල්ලා සිටින නමුත් වත්මන් රජය එම ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට අසමත්ව සිටින බව කාදිනල් හිමියන් අවධාරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles