Thursday, May 2, 2024

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් කාදිනල්තුමා ජාත්‍යන්තර අධිකරණයට යන්න සැරසෙයි!

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැගීමට ක‍්‍රියාකරන බව දේශීය ශ‍්‍රමිකයන් සමග සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ප‍්‍රකාශ කර තිබේ.

මෙම ප‍්‍රහාරය පිළිබඳව නිසි ආකාරයට මෙතෙක් යුක්තිය ඉටු නොවූ නිසා ජාත්‍යන්තර අධිකරණයට කරුණු වාර්තා කිරීම ඉතා පහසු බවද කාදිනල්තුමා සඳහන් කරයි.

මේ අනුව අදාළ රටවල තානාපතිවරුන්ගේ සහාය පවා මේ සඳහා ලබා ගන්නා බව කී කාදිනල්තුමා පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීම සඳහා සිදුකරන මෙහෙවර දිගින් දිගටම සිදුකරන බවද පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles