පැතුම්ට, චන්දිමාල්ට තවත් අවස්ථාවක්

0
303

අද අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළේ කිසිදු වෙනසක් සිදු කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා යන දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර, අංක 3 ස්ථානය ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්ද නැමීබියාවට එරෙහිව ක්‍රීඩා කළ තරගයේදී ලකුණු 5කට දැවීගියා.

ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ යම් වෙනසක් සිදු කරන්නේ දැයි නැගූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු වශයෙන් ලබාදුන්නේ නිස්සංක සහ චන්දිමාල්ට තවත් අවස්ථාවක් ලැබෙන බවත් ඉහළ පෙළේ කිසිදු වෙනසක් සිදුනොවන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here